(කේ. බුද්ධික කුමාරසිරි )

හෝමගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ දී ඉකුත් 16 දින කුලී යතුරුපැදි රියදුරකුගේ ගෙල කපා ඝාතනය සම්බන්දයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම ඝාතනයේ ප්‍රධන සැකකරු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය (17) දින නියෝග කළාය.

සැකකරු විසින් මන්නයකින් එම කුලී යතුරුපැදි රියදුරුගේ ගෙල කපා අසල ඇල මාර්ගයකට ඇදගෙන ගොස් අතහැර දමා පලා ගොස් තිබුණු අතර මින්නේරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු ඝාතනයට යොදා ගත් මන්නය ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදාල ඝාතනයට අනුබල දුන් බව කියන මෙම සැකකරුගේ පුතකු ⁣ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 51 හැවිරිදි දෙදරු පියෙකි.