
(රෝෂන් තුෂාර)
මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
නරාහෙන්පිට පොලිසියට ආසන්න කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන සැකකරුට නිසි ආරක්ෂාවක් නොමැති බවට ඔහුගේ නීතිඥ වසන්ත පිටිගල මහතා කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුගේ නීතිඥවරයා කියා සිටියේ සැකකරුව සෑම උදෑසනකම නාරාහේන්පිට පොලිසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පයින් රැගෙන යන බවය.
මේ අනුව ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිසි ආරක්ෂාව සලසන ලෙසට නාරාහේන්පිට පොලිසියට සහ මධ්‍යම අපරාධ වර්ෂන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආණ්ඩු තිබුනනම් මේ තමයි ඇමතිලාට, පුත්තුන්ට පොලීසියට උත්සව දීමනා සමය.