පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාපැදි වලින් පොද්දල ප්‍රා.සභාවට තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ. 15 May 2018
බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 14 May 2018
ඇමැතිවරුන් රැසකගේ වගකීම් වෙනස් කරයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ මේ මස මුලදී අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අයත් ආයතන හා විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරුණු අතර ඊට අනුව අමාත්‍යවරුන් රැසකගේ විෂය පථයන් වෙනස් වී ඇත. 13 May 2018
වැස්සෙන් ගාල්ලේ පවුල් 1960 ක් අවතැන් ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය. 13 May 2018
හිටපු ඇමති මර්වින් ඉපලෝගම තැබූ මුල්ගල ගලවා දමයි ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. 12 May 2018
අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම් කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 14 ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය 11 May 2018
දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 May 2018
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 10 May 2018
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය. 10 May 2018
රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි. 09 May 2018
විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලයි ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුළ බව ශ්‍රේෂ්ඨාධිකරය විසින් තමාට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 09 May 2018
දැව සංස්ථා හිටපු සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යළි රිමාන්ඩ් සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු 09 May 2018
මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 08 May 2018
රාජිත දැව සංස්ථා සභාපතිට සහතිකයක් දෙන්න යයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 08 May 2018
ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ. 08 May 2018
එමිල් - නියෝමාල් නඩුවේ වැඩිදුර වාර්තාවක් ඉල්ලයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව මැයි 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය. 08 May 2018
මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක් මට්ටක්කුලිය සම්ට්පුර ප්‍රදේශයේ අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. 08 May 2018
‘2020 දී විශ්‍රාම ගන්නේ නෑ‘ - ජනපති මැයි රැලියේදී කියයි ‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය 07 May 2018
‘සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්න බෑ’- එස් බී සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 07 May 2018
ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි. 06 May 2018
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානියාටත් දැව සංස්ථා සභාපතිටත් ළඟදීම නඩු රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව ළඟදීම නඩු පවරන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ලංකාදීපය ට පැවැසීය. 05 May 2018
ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු ’’රණ මයුර’’සම්මානය කඩුවෙල කොල්ලුපිටිය බසයක තිබි අද (05) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. 05 May 2018
කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින් අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අල්ලස් කොමිසම වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ දීර්ඝ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 04 May 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ් කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 04 May 2018
අල්ලස් ගත්තැයි ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති අත්අඩංගුවට මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 03 May 2018
තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 03 May 2018
කිරිපිටි ගෙන්වීම නවත්වයි කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. 03 May 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. 02 May 2018
අලුත් සැසිය ගැන සාකච්ඡා කරන්න හෙට පක්ෂ නායකයෝ රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට එහි පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (02) පස්වරු 2.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 01 May 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026