චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබේ . 02 February 2020
වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. 01 February 2020
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය . 31 January 2020
‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 31 January 2020
එජාප පිල් දෙක දෙපැත්තට අදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය තවත් උග්‍රවී ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිල සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද වර්ජනය කළේය. 31 January 2020
අගමැති අපේක්ෂකත්වය-සන්ධාන නායකත්වය සජිත්ට ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) තීරණය කළේය. 30 January 2020
වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය. 30 January 2020
එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. 30 January 2020
වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 29 January 2020
‘ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’ චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය . 29 January 2020
මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක් තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ අද (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 28 January 2020
චීනයෙන් එන සිසුන් දියතලාව කඳවුරට චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් සති දෙකක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 28 January 2020
කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අද(28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ. 28 January 2020
සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනාට රාජිතගෙන් මරණ තර්ජන ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මරණ තර්ජනය එල්ල වී ඇති බව පවසමින් එම සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර යන දෙදෙනා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 27 January 2020
වෝහාරික විගණන වාර්තා විවාදය 18-19 දිනවල මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් ලබන මස 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 27 January 2020
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. 26 January 2020
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස් කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. 26 January 2020
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී අද (24) ප්‍රකාශ කළේය. 24 January 2020
නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. 24 January 2020
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයාට අද (23) නියම කළේය. 23 January 2020
නැවත දැනුම් දෙනතුරු රන්ජන්ගේ හඬ පරීක්ෂණය නවතී රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා අද (23) රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. 23 January 2020
ෂැංග්‍රීලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් රිමාන්ඩ් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 January 2020
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 January 2020
වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 22 January 2020
පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය. 21 January 2020
වැඩ තහනම් වූ බද්දේගම මහෙස්ත්‍රාත් අපරාධ කොට්ඨාසයට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධ සිද්ධියකට දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 21 January 2020
කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ. 21 January 2020
රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 January 2020
හිටපු මහාධිකරණ විනිසුරුවරියගෙන් පැය 4 ක් ප්‍රකාශ ගනී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (19) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. 20 January 2020
‘හිටපු ජනපති-අගමැති වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ’ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. 20 January 2020
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026