සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ. 29 April 2020
ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත. 28 April 2020
ආසාදිතයන් ගණන 600 පනී මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 611 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 599 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 599 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
කොරෝනා ආසාදිතයන් 588 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 588 ක් වන බව සෞඛ්‍ය ප්රවර්ධක කාර්යාංශය කියයි. 27 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 26 April 2020
හෙට දිවයිනටම ඇඳිරි නීතිය නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට(27) රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත. 26 April 2020
වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය. 26 April 2020
ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිතයන් ගණන 471 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. 26 April 2020
ආසාදිතයින් සංඛ්‍යාව 460 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිතයන් ගණන 460 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි 25 April 2020
ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ. 25 April 2020
තවත් නාවික සෙබළු 30 ක් ආසාදිත බව හඳුනා ගනී වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 24 April 2020
කොරෝනා ආසාදිත තවත් පහක් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු අද (24) සොයා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 24 April 2020
‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි සෙඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 24 April 2020
වැලිසර නාවික හමුදා කඳවුරේ 30 කට කොරෝනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය. 23 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 23 April 2020
රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. 23 April 2020
ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුහු රැගෙන එති ඉන්දියාවේ අම්රිත්සාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (23 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූහ. 23 April 2020
පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූ බව කිවන 46 දෙනෙකු නිරෝධායනය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පනිච්චන්කර්නි නිරෝධායන මධයස්ථානය වෙත යවා තිබෙන බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. 23 April 2020
අද දිනයේ කොරෝනා රෝගීන් 20 ක් අද රාත්‍රී 11.45 ට පමණ කොරෝනා ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 22 April 2020
පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි. 22 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 323 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 22 April 2020
කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින් කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ විධායක අධ්‍යක්ෂක ඇමි.කේ.ඞී.ලෝරන්ස් මහතා පවසයි. 22 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 21 April 2020
බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. 21 April 2020
මහ මැතිවරණය ජූනි 20 මහ මැතිවරණය ජූනි මස 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20 වැනිදා) පස්වරුවේ තීරණය කළේය. 21 April 2020
පොලිස් පරීක්ෂකට පහර දුන්නැයි වාරියපොළ පුද්ගලයෙක් අත්අඩංගුවට වාරියපොළ පොලිසියේ නිලධාරියකුට පොලිස් පරිශ්රයතුළ දී පහර දුන් බව කියන පුද්ගලයකු අද (20 ) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 20 April 2020
අසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 20 April 2020
රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ. 20 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026