(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසළකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැගුම්ගත් ස්ථානවලම නොවැම්බර් 11 දක්වා නිරෝධානයට ලක්කිරීමට නුවරඑළිය සෞඛ්‍ය අංශය හා පොලිසිය එක්ව කටයුතු කළහ.

2020 නොවැම්බර් 31 දින නුවරඑළියේ හෝටල් හා ලැගුම්හල් වලට කොළඹ ප්‍රදේශයෙන් නිවාඩු ගතකිරීමට පැමිණි පිරිස් සොයා දවසපුරාම නුවරඑළිය නගරයපුරා කල පරීක්ෂණයකින් පසු කොරෝනා වෛසරය නුවරඑළියේ පැතිරීම වලක්වා ගැනුම සදහා මෙම පියවර ගනු ලැබ ඇත.
නුවරඑළිය අන්ඩබෑන්ක් හි ලැගුම්හලක සිටි කොළඹ ගල්කිස්සේ සිට පැමිණි දෙදනකු, දෙහිවල සිට පැමිණි 6 දෙනකු කුඩුවෙල සිටි පැමිණි 2ක්ද කොළඹ සිට මහගස්තොට පැමිණි තරුණයෙකුද මෙසේ නිරෝධානයට ලක්කිරීමට නිලධාරින් කටයුතු කලහ.
නුවරඑළියට නිවාඩු ගත කිරීමට යලි දැනුම්දෙනතුරු ඒමෙන් වැලකී සිටින ලෙස නුවරඑළිය දිසාපතිවරයා රටේ ජනතාවගෙන් කල ඉල්ලීම මත ඔක්තෝම්බර් 28,29 දින දෙක තුල නිවාඩු ගතකිරීමට පැමිණි පිරිස් නුවරඑළිය නගරයට ඇතුල් වන ස්ථානයන්හීදි ආරක්ෂක අංශ විසින් යලි හරවා යැවීම සිදුකිරීමද විශේෂ සිද්ධියකි.
2020.10.31 දින ලැගුම්හල් සොයා ගොස් නිවාඩු ගත කිරීමට පැමිණි සිටි පිරිස නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයවීර ගමගේ මහතාගේ මෙහෙයවීම මත මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩි එම් එස් බි දැල්පිටිය, කිත්සිරි හේරත්, වරුණ තෙන්නකෝන් යන මහතුන්ද නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි යු උඩුගමසූරිය හා මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතුන්ගේ උපදෙස් පරිදි එම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන නිලධාරින් පොලිස් පරීක්ෂක එම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන නිලධාරින් අදාල නිරෝධාන කටයුත්තට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරවැසියකුගේ වගකීම , යුතුකම් පිලිබදව කිසිදු හැගීමක් නැති මෙවන් අය තමන් උපන් රටටත් සාපයකි.
හා හා එහෙම කියන්න එපා. බස්නාහිර පළාතෙ එහෙම අය නැහැ. දේශබන්දු මහත්තයාට කේන්ති යාවි.
ගොපල්ලන්ටම ගැළපෙන මීහරක්...
කොළඹ ඉන්න අය නිරෝධායනය ඉවර වෙලා ඉඩම් බලන්න යනකොට වැඩේ දීලා තියෙයි.
නියම දඬුවම, එහෙම තමයි වෙන්න ඕනෑ. නුවරඑලියේ බහුතරයක් ඉන්නේ අහිංසක දුප්පත් මිනිසුන්. දිසාපතිතුමා ඒ ඉල්ලීම කලේ ඉතාම කාරුණිකව දැඩි වගකීමෙන්. මේ වගේ අයට මේ දඬුවමත් හොඳ වැඩියි. දැන් බිල් ගෙවාගෙන මාස භාගයක් ඉඳපල්ලා. අනිවාර්යයෙන් රු. ලක්ෂයක්වත් දඩයක් ගහන්න ඕනෑ. ඒ වගේම අනුරාධපුරයට එන අයටත් මේ වැඩේම කරන්න අනුරාධපුර දිසාපතිතුමාට මොලේ පෑදේවා.
නිවාඩු ආපු එක අනුමත කරන්න බැහැ, නමුත් ප්‍රයිවට් පීසිආර් එකක් කරලා නෙගටිව් නම් ගෙදර යන්න දුන්නා නම් හරි.