
(විනීතා එම් ගමගේ)
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
රෝහලක කොවිඞ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන කොරෝනා වයිරස් රෝගීන් සෘජුවම කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පීසීආර් පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ සේ සැළකෙන බවත් හෙතෙම සඳහන් කළේය.
අද දින ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කෝවිඞ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු මේ බව හෙළි කළේය.
සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා (30) පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ මගින් ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව, මෙරට සිදුවූ 22 වන කොවිඞ් ආසාදිත මරණය ලෙස එය වාර්තා කරනු ලැබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම හැම මරණයක්ම වෙලා තියෙන්නේ වෙන වෙන හේතුන් මත. මී උණ, මීමැස්මොර වැනි හේතුන්. හෙට අනිද්දා වෙනකොට කොවිඩ් මරණ වාර්තා නොවී තියෙයි මෙයාල වර්ග කරන විදියට.
රජයේ තවත් උප්පරවැට්ටියක්.
සෞඛ්‍ය බලධාරීන් කියන සමාජය කොහෙද තියෙන්නේ.?
පසු ගිය සතියේදී රෝහල් 3ක මරණ 6ක් සිදුවූ. බවත් ඒ පිලිබදව පරික්ශා කර පවසන බවත්. මාද්‍ය වාර්තා කලා. ඒ පිලිබදව කුමක් උනිද? දන්නා අය සිටී ද?
ඒ කියන්නේ සමාජ ව්‍යාප්තිය ඇරඹිලා. සියළු දෙනා ඉතා ප්‍රවේශම් විය යුතුයි.
එකක් කොවිඩ් සුවිසයිඩ් .... අනෙක ඔරිජිනල් කොවිඩ්.... මහත්තයෝ දැන් අපිට කෝකද හොද සහ ලාභදායකම දේ..?
ලෝකෙටම පිළිගන්න පුළුවන් වටිනා නිර්ණායකයක්... ලංකාවට මොනතරම් ආඩම්බරයක්ද? මෙතුමා නේද තවම කොරෝනා සමාජගතවීමක් නැහැ කියන්නේ..?
එකක් මුස්ලිම් මරණ... අනික කොරෝනා මරණ...
ජිවතුන් අතර සිටින මිනිසුන් කොතෙකුත් හිටියත්, මැරුණු මිනිසුන්ට පිසිආර් කරන එකම රට මේකයි...
ඔයාලා කියනවා අපි අහනවා.... අනේ මන්දා..?