’පාසල් යළි පටන් ගත්තත් සම්පූර්ණයෙන් විවෘත කරන්න මාසයක් ගතවෙනවා’ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනයක නැවත පාසල් ආරම්භ කලද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (11)මාතර දී පැවසීය. 11 May 2020
අසාදිතයින්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 11 May 2020
කළුතර, පුත්තලම ඇඳිරි නීතිය ලිහිල් වේ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හිද ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි පමණි. 10 May 2020
පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට පමණයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන සේවා යොදා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ. . 10 May 2020
කොරෝනා ආසාදිත ගණන 847 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 09 May 2020
කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 09 May 2020
සහරාන් කාන්තාවන් පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ. 08 May 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 824 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 824 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 08 May 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 804 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 07 May 2020
අයවැය පීඩනයට මුහුණ දෙන්න රජය රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි සමස්ථ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. 07 May 2020
මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 06 May 2020
ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය. 06 May 2020
ලන්ඩන් නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් කටුනායකට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ග්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද(06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 06 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 05 May 2020
කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 05 May 2020
සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. 05 May 2020
ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 May 2020
මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දුන්නේය. 04 May 2020
රජයේ රෝහල්වලින් පසුගිය සතියේ කොරෝනා රෝගීන් නෑ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ කිසිදු රෝගියකු රජයේ රෝහල්වලින් ඉකුත් සතියේදී වාර්තා වී නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ‘‘ලංකාදීප’’යට පැවසුවාය. 04 May 2020
එජාපය ආපසු හැරෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2020
සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. 03 May 2020
පරිප්පු-ටින් මාලු උපරිම සිල්ලර මිල ඉවතට පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ. 03 May 2020
කොරෝනා ආසාදිතයින් 705 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 02 May 2020
මහමැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 May 2020
අදත් කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් අද(01) දිනය තුළ මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 25දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 01 May 2020
සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි. 01 May 2020
නාවලපිටිය නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 30 April 2020
සුළු- මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ රජයෙන් වී තොග ඉල්ලති රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි. 30 April 2020
හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 29 April 2020
අත්අඩංගුවට නොගන්නයි බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 29 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026