IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි

 

(දසුන් රාජපක්ෂ) 
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය.
 
එලෙස සිතාසි නිකුත් කෙරුනේ සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුර, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන මහත්වරුන් වෙතය.
 
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනා ඉකුත් 6 වැනිදා දේශපාලන  පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන  ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිතා කරමින් රටේ නීතිය අභිබවා යමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බව සඳහන් කර තිබුණි.
 
එම ප්‍රකාශ මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යන වගන්තිය උල්ලංඝනය කරමින් මෙම මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස කර ඇති නිසා අභියාචනාධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පවරන බව මෙම සිතාසි මගින් දැනුම් දී තිබේ.
 



අදහස් (1)

දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 November 2020 02:10 AM

සිතීමේ නිදහස හා හෘද සාක්ෂිය අනුව රටක පවතින ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතිය අනුව පත්වන අධිකරණ කොමිෂන් සභාවක් යටතේ පාලනය වන විනිසුරුවරයෙකු නොවන අයෙකු දෙනු ලබන තීන්දු වලට වඩා පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය යුගයක, ඊට ඉහළින් නීතිය තම තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාවට නංවන්නට වෙරදරණා බලවේගයන් ගැන නීති ක්ෂේත්‍රයේ අය නිසි ක්‍රියාමාර්ග නොගෙන මුනිවත රකින්නේ මන්ද? අහෝ.. ඛේදයකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site