
(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය.
එලෙස සිතාසි නිකුත් කෙරුනේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුර, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන මහත්වරුන් වෙතය.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනා ඉකුත් 6 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිතා කරමින් රටේ නීතිය අභිබවා යමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බව සඳහන් කර තිබුණි.
එම ප්‍රකාශ මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යන වගන්තිය උල්ලංඝනය කරමින් මෙම මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස කර ඇති නිසා අභියාචනාධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පවරන බව මෙම සිතාසි මගින් දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතීමේ නිදහස හා හෘද සාක්ෂිය අනුව රටක පවතින ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතිය අනුව පත්වන අධිකරණ කොමිෂන් සභාවක් යටතේ පාලනය වන විනිසුරුවරයෙකු නොවන අයෙකු දෙනු ලබන තීන්දු වලට වඩා පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය යුගයක, ඊට ඉහළින් නීතිය තම තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාවට නංවන්නට වෙරදරණා බලවේගයන් ගැන නීති ක්ෂේත්‍රයේ අය නිසි ක්‍රියාමාර්ග නොගෙන මුනිවත රකින්නේ මන්ද? අහෝ.. ඛේදයකි...