
(නිමල කොඩිතුවක්කු සහ ඩයනා උදයංගනී)
කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී අද (10) දිනයේ එළිදක්වනු ලැබීය.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක මෙම කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන අතර එම සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
කොවීඩ් අවදානම් මට්ටම් එක, දෙක සහ තුන ලෙස වර්ග කරමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
ඒ අනුව අවධානම් මට්ටම් එකේදි සෞඛ්‍ය නිරෝධායන උපදෙස් වලට යටත්ව සාමාන්‍ය පරිදි බස් රථයට මගින් නංවා ගැනීම සිදුකල හැකි අතර එහිදී සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ලබයි. අවදානම් මට්ටම් දෙකේදී ආසන සංඛ්‍යාවට පමණක් මගින් මගින් නංවා ගනු ලබන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.2 ක් අයකරනු ලබයි.
අවදානම් මට්ටම් තුනේ දී ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණක් මගීන් නංවා ගත යුතු අතර සාමාන්‍ය බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5 ක්, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අධි සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1 අයකරනු ලබයි.
සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි සකස් කර ඇති කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවීඩ් තත්වය පහව ගිය පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද අමාත්‍යරයා පැවසීය.
පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදවද අවධානය යොමු කරමින් දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස ප්‍රවාහන ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤං...1948 සිට නුබලා රට ගෙන ගිය තැන මිනිස්සුන්ට නොතෙරෙන එකයි ගැටලුව, එක නිසා තව කැමති කැමති දෙයක් වැඩි කරන්න, අපි බුරුවන්සේ නුබලාට වහල් කම් කිරීමට බලා සිටි.
කෝ දාපු ලොරි කතා.
69 ලක්ෂයට දැන් හොඳ ඇති.
වැඩිකරන්න නෙවෙයිනේ යන්නේ නේද.?
ඔබ යන්න, ඔබ යන්න ඔබ ඔහොම උඩටම යන්න අපට දැනෙන සනීපේ කියන්න වචන නෑ.
ගෝඨාභය නාමේ....
ඔහොම යං.
සල්ලි හොයන්න ජනතාව ජීවත් වෙලා ඉන්න එපෑයෑ. බස්කාරයන්ගේ තණ්හාව නිසා බස් කර්මාන්තේ නැතිවෙනවා. මිනිස්සු ගමන් යාම අඩු කරනවා. පුළුවන් තරම් තමන්ගේ බයිසිකල් එකක හරි වැඩටික කරගන්නවා.
දැන් කොරෝනා අඩුවෙලා පොල් පටවාගෙන යද්දී පරණ ගණන්වලට අඩු කරාවිද? ඔය බස් ගැමුණුව එතකොට කියාවි ලීස් වැඩිවෙලා. ඒ නිසා අඩුකරන්න බැහැ.. අපේ මෝඩ ඇමැතිලාත් ඔව් සර් ඒක ගාණටම තියන්නම් කියලා කියනවා බස්ගැමුණුට. මදැයි සර් ආවා.
කලින් ආණ්ඩු වගේම මේ ආණ්ඩුවටත් බස් ගැමුණුට, බස් සංගම් මාෆියාවට කරටිය පාත්කරන්න වුණා. හුරේ... කෝ පෙර කී එඩිතර ප්‍රකාශ..? මෙන්න මේ වෙලාවට තමයි කියන්නේ ගෙරෙව්ව තරමට වහින්නේ නැහැ කියා. එදා පම්පෝරි ගැහුවට අද ඒවා නැහැ. ඒ කොයිහැටි වෙතත්, මේ රටේ බස් මාෆියාවට නීතිරීති බලපාන්නේ නැහැ. ආයෙ වැඩිකලක් නොගිහින්ම පොල් පටෝනවා වගේ... වවුලන් එල්ලන් යනවා වගේ.. මගීන්ව නොගෙනිච්චොත් කපනවා කණ. ගොමරිටි උඩ එනවා. තිරිවානා යට යනවා. උගතුන්ට නිකං බලාසිටීමට සිදුවෙලා. නූගතුන් උගතුන්ව පාලනය කරනවා. දේශපාලකයන් සුර සැප විඳිනවා. ජනතාව සුඛිත මුදිතව ඉතා ප්‍රීතියෙන් කල් ගෙවනවා. මෙහෙමත් .. සැපක්.. අම්මපා.. ඔහොම යන්...
කොරෝනාව නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න මේ අවස්ථාවේ මෙවැනි වියදම් රජය විසින් දැරිය යුතුයි. බස්ගාස්තු වැඩිකිරීම නීතිවිරෝධී සහ කොරෝනා සහනයට එරෙහිවීමක්...!!!
දැන් සැපද?