IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට  කොරෝනා

 


 
(සිරංගිකා ලොකුකරවිට)
 
එකම පවුලකට අයත් ආසාදිතයන් 10දෙනකු වාර්තාවූ ගාල්ල, මකුළුව ගම්මානයේ නිවෙස් හා අවට ප්‍රදේශ විශබීජහරණය කිරීම ද ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම ද අද(09) සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පියා ආසාදිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර තිබූ පවුලක මව හා දරුවන් හතරදෙනාද ආසාදිතයින් බවට මින්පෙර හඳුනාගත් අතර නිරෝධායන නීති වලට අනුකූල නොවෙමින් ඔවුන් සමග සබඳතා පැවැත්වූ තවත් ඥාතීන් හතරදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු විය.

මෙම පුද්ගලයන් ගම්මානයේ තවත් අය සමගද සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වීම හේතුවෙන් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විෂබීජහරණ කටයුතු කඩිනමින් සිදුකළ බවද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ගම්වාසීන්ට උපදෙස් දුන් බවද ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.

 



අදහස් (1)

නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට  කොරෝනා

බණ්ඩාර Monday, 09 November 2020 10:19 AM

නිවෙස් වල නිරෝධායන ක්‍රමය ලංකාවට හරියන්නේ නෑ. කියන එක අහන්නේ නැති ජාතියක් ඉන්න රටක අපි ඉපදිලා ඉන්නේ.... මේ තියෙන්නේ උදාහරණ. "කාට කියන්නද, කවුරු බලන්නද අපි දැන් මාරුව කටේ".

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site