
(ඩයනා උදයංගනී)
ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.
තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
"කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතල ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න," යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සර්ට 20 සම්මත කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා අනිවාර්යයයි.
ශ්රී ලංකාවේ අපි බය වෙන්න ඕනෑ නැහැ. දුම් මුට්ටිය ඇල්ලුවාම අපි ගොඩ... තවත් ඕනෑ නම් සුදර්ශන පැණිය, හෙළ ඔසු කැඳ අපිට තියෙනවා.
මේ පිළිබඳව තදින්ම දැනුවත් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.
බිස්නස් , එයාපෝට් එක වගේ ඒවා එන අවුරුද්දේ ජූනි වෙනකම් වහගෙන හිටියොත් අනිත් රටවලට සාපේක්ෂව අපි හිඟන තත්වයට වැටිලා තියෙයි. අභියෝගවලට බයවෙන්න පුරුදු කරන්න එපා. නිවැරැදි සුවපුරුදු අනුගමනය කරමින් බියනොවී රට හදමු.
අපි දැන් දෙශීය වෙදකමට තැන දුන්නොත් හොඳයි නේද?
කොවිඩ් තුරන් කිරීමට පවිත්‍රා මහත්මිය විහාර මහා දේවිය මෙන් මුහුදට පාකර යැවීමට රජය තීරණය කර ඇත. එතුමිය එසේ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
අලුතෙන් නාන්න දෙයක් නැහැ. දැනටමත් හොඳට නාගෙන අනාගෙන ඉන්නේ....
මේ චීනා ලෝකෙට බෝකරපු ජරා ලෙඩේ නිසා මොනතරම් මිනිස් ජීවිත සංඛ්‍යාවක් මරණයට පත් වුණාද.. නේද..? ඇමරිකානු විද්‍යාඥයෙකු ලවා මුදල් දී නිපදවා ගත් වයිරසය චීනයට ගෙනගොස් වැඩිදියුණු කළ බවට පසුගියදා තොරතුරු අනාවරණය වුණා. ඇමරිකානු විද්‍යාඥයාව සිරගත කළා. ඒත් චීනය සිද්ධියට අදාළ කාන්තාව සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙවන් බිහිසුණුකමක් ඇති චීනාට ගැති අය හා ඇමරිකන් භීතිය ඇති අායුධ සාධාරණව හරි, වැරැද්ද දකින්නේ නැහැ.
තුන්වෙනි කොවිඩ් රැල්ල ජනවාරියේදී" යන සිරස්තලය කියවීමේදී අපේ සිතට අවංකවම අාවේ වචනවලින් කීමට නොහැකි කේන්තියක් මෙන්ම අපගේ මාතෘභූමියේ ඉන්න "තකතීරු දේශපාලුවන් 225 මෙන්ම සියල්ල දත් උද්දච්ඡ මෝඩ තකතීරු කොන්දොස්තර සංගමය" කෙරෙහි කලකිරීමකි. මක්නිසාදයත් මැදපෙරදිග රැකියා අහිමි වී මාස 5 කටත් වඩා අධික කාලයක් අපාදුක් විඳින ඔබේ, අපේ, මගේ සහෝදර සහෝදරියන් පිළිබඳවයි. මෙම අවදානම් අවස්ථාවේ "ලෝකයේ කිසිඳු රටක් නොකරපු", නොගත්ත නිවට අවාසනාවන්ත තීරණය පිළිබඳව කිසිඳු කෙනෙක් කතා නොකර ගොළුවත රැකීම මහත්වූ ප්‍රහේලිකාවකි. මෙසේතමන් උපන් රටට තම පුරවැසියන්ට ඒමට අවසර නොදී ගුවන්තොටුපල වසා දැමීම හරියටම ගෙදරදොර නඩත්තුවට ගෙදරින් පිටට රැකියාවට ගිය දරුවන්ට ඔවුන්ගේගේ රැකියා අහිමිවී කරදරයේ වැටුණු පසු දෙමාපියන් තම දරුවන්ට ගෙදරට එන්නට නොදීම හා සමානය. විදේශ රටවල වහල්සේවයේදී තම ලංකාවට විදේශ විනිමය එවනවිට ඒ ශ්‍රමිකයන් රටවිරුවන් ලෙස හැඳින්වූ නමුදු දැන් ඔවුන් ලෙඩ බෝකරන වාහකයන් ලෙස මෝඩ කොන්දොස්තරලා හැඳින්වීම කණගාටුවකි. "මෙම අදහස් ගෝඨාට මෙන්ම කොන්දොස්තර සංගමයේ සියලුම උද්දච්ච මෝඩයින්ට වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...!!!
ලංකාවෙ ඉන්න චීන්නු ගහලා පන්නන්න ඕනෑ.