(බන්දුල ඉලේපෙරුම)

 

2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනි අගහරුවාදා පස්වරු 1.40ට පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙවර අයවැය විවාදය දින 21ක් පැවැත්වීමටත් අද (11) පැවැති පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.


මේ අතර 13 වැනි සිකුරාදා විපක්ෂය විසින් ඉල්ලා ඇති විශේෂ කල්තැබීමේ විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට ද එම කමිටුවේදී තීරණය කර ඇත.

මේ අනුව හෙට සහ අනිද්දා (12 සහ 13) දින දෙකෙහිම පාර්ලිමේන්තුව රැස්වන අතර 2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


පාර්ලිමේන්තුව රැස්වන විට සභාවේ අසුන් පැනවීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සිදුකිරීමටද නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.