
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය.
අනුරාධපුර පුජා නගරයේ සිංහ කුළුන ආසන්නයේ රැදි සිටි යාචකයකුට කොරෝනා වයිරසය වැළදිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සෙෘඛ්‍ය අංශ,පොලිසිය,යුධ හමුදාව,නගර සභාව විසින් නගරයේ යාචකයන් සියළු දෙනා නිරෝධායනයට ලක්කිරිමට මෙසේ පියවර ගෙන තිබුණි.
මෙම යාචකයන් සියළු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව,කාටුපුලියන්කුලම පාසලේ රදවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර මහතා සදහන් කළේය.
මෙම යාචකයන් දින 14 ක් නිරෝධායනය කිරිමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකටද ලක්කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචකයෝ නම් කුසගින්නේ ඉන්න බවක් පේන්නේ නැහැ.
ඒක ගොඩක් හොඳයි... හරිම භයානක තත්වයක් රටේ තියෙන්නේ... හැමෝම අවදානෙන්, පරිස්සමින් ඉන්න බුදුසරණයි මගේ රට...
මොන යාචකයෝද? හොඳ හයේ හතරෙ අයනේ...
ඇඟපත දිහා බැලුවා නම් පෙනෙන්නේ යාචකයින් නොවෙයි, හොඳට වැඩපළ කරන්න පුලුවන් අය වගේනේ...
තම ශ්‍රමයෙන් රටට, ජාතියට සේවයක් කළහැකි මොවුන් කුමන හෝ ඵලදායි වැඩකට යෙදිය නොැකිද? අනුරාධපුරයට පැමිණෙන වන්දනාකරුවන්ට හිරිහැර වනසේ හැසිරෙන මොවුන් සමූහ ගොවිපලවල් ඇතිකර හෝ එළිමහන් සිරිකඳවුරු වල හෝ ඵලදායක සේවයක යෙදවීමට කටයුතු කරන්න..