
(විනීතා එම් ගමගේ)
කාර් ය මණ්ඩල සාමාජිකයකෙුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීම නිසා මධ්‍යම තැපැල් හුවමාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමනු ලැබ ඇත.
එහි එක් අංශයක සේවකයෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි අද (5) පෙරවරුවේ හෙළිවීමත් සමග ආශ්‍රීත සේවක පිරිස් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කර එහි ප්‍රතිඵල අනුව කටයුතු කරන බවත්, ගොඩනැගිලි විෂබීජහරණය කිරීමෙන් පසු යළි විවෘත කරන බව නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුව සති කිහිපයක් තිස්සේ හුදකලාව කටයුතු කළ අතර මහජන පැමිණීම් සිදුවූයේ නැත. ඖෂධ සැපයීම් කටයුතු මෙහෙයවිම පමණක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සිදුකළ බව ද රණසිංහ මහතා කීය.
මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා ඇති බැවින් බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය හරහා ඖෂධ බෙදාහැරිම් කටයුතු සම්බන්ධීකරණය කරන බවත් කොළඹ ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරයා එම කටයුතු මෙහෙයවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
විෂබීජහරණ කටයුතු වලින් පසු ඉක්මණින්ම මධ්‍යම තැපැල් හුවමාරුව යළි විවෘත කරන බව ද ඔහු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුව වහයි
kamal Thursday, 05 November 2020 08:12 AM
මේකනම් හොඳ වැඩක්. කොරෝනා තියෙනවා කියලා කටකතාවක් යවලා පඩි අරගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන්.