
(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමති ඇතුලු සෞඛ්‍ය බලධාරින්ගෙන් ගමන් වහන්සේ ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සේභිත හිමියෝ අද (04) මාධ්‍ය සාකච්ඡාව දී ප්‍රශ්න කළහ.
ඇඹිලිපිටියෙ පැවති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ:
කොරෝනා රෛස උවදුරින් විපතට පත් වි සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ජනතාවට යහපත සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක් අධාර ලෙස ලැබී තිබෙනවා. ලෝක බැංකුව මෙය මුදල් ප්‍රදානයක් ලෙස නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමකටයි ලබා දෙන්නේ කියලා ජනමාධ්‍ය මගින් අපි දුටුවා.
ඩොලර් කෝටි 167ක් කියන්නේ රුපියල් කෝටි 3039ක්. එය රුපියල් බිලියන වලින් 30ක්. මෙය මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන්කළ රුපියල් බිලින 63ක මුදලින් භාගයක් තරම් වූ ප්‍රමාණයක්.
මේසා විශාල පරිත්‍යාග මුදල් දීමට නියමිතව තිබියදී අදාළ සෞඛ්‍ය බලධාරීන් කිසිම පියවරක් නොගැනීම හේතුවෙන් ඒ මුදල අවලංගු වන ස්වරූපයක් පෙනෙන්න තියෙන්නෙ. කොරෝනා මඩින්න මේ මුදලින් මොනම පියවරක්වත් අරං නෑ කියලයි අවලංගු වෙන්න යන්නේ.
පීසීආර් ප්‍රමාණවත් යන්ත්‍ර නෑ. තියන ඒවා ක්‍රියා විරහිත වෙලා තියනවා. අයිසීයූ පහසුකම් ඉතාමත් අවමයි. පීසීආර් යන්ත්‍ර මිලදී ගැනීම, අයිසීයූ පහසුකම් වැඩිදියුණු කිරීම කළ යුතුව තිබියදී, මේ මුදල් ඊට භාවිතා නොකලේ ඇයිදැයි අපි සමස්ත මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඇසිය යුතුයි.
මේ මුදල කිසිසේම පාවිච්චි වුණේ නැහැ කියලා ලෝක බැංකුවේ සෞඛ්‍ය කාර්යාංශයේ ශ්‍රීලංකා කාර්යාලයේ අධ්‍යක්‍ෂකවරයා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා ඒ සම්බන්‍ධයෙන් කරුණු දක්වලා තියනවා. ඒ සමගම රසායනාගරවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහත්මයා ජනපතිතුමාට පවා පැමිණිලි කරලා තියනවා රටේ ජනතාව වෙනුවෙන් ඇයි මේ මුදල පාවිච්චි නොකළේ කියලා.
ක්‍රමවේදයට අනුව, උපකරණ මිලදී ගත යුතුයි. එසේ කලොත් අයථා අකාරයෙන් ලබාගන්නා කොමිස් මුදල් අහිමිවන නිසාද මෙ සා විශාල ධනස්කන්ධයක් අතහැරලා දැම්මේ?
දිළිඳුකමින් දුප්පත්කමින් අපහසුතා රැසක් එක්ක අපේ රටේ ජනතාව සෞඛ්‍ය ප්‍රශ්න වලදි එදිනෙදා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේ. අපේ රෝහල්වල එක ඇඳේ ලෙඞ්ඩු දෙන්නා තුන්දෙනා ඉන්න අවස්ථා අනන්තවත් තියනවා. ප්‍රමාණවත් ගොඩනැගිලි නෑ. ප්‍රමාණවත් ඇඳන්ටිකවත් නෑ. වෛද්‍ය පහසුකම් නෑ. බෙත්හේත් නෑ. අවසානයේ පීසීආර් මැෂින් ඇත්තෙත් නෑ. ඒ තියන ඒවත් ක්‍රියා විරහිතයි.
මෙතරම් ගැටලු රැසක් හමුවේ රුපියල් බිලියන තිහක් තරම් විශාල ආධාර මුදලක් පරිභෝගයට නොගත්තේ ඇයි.? නිසිලෙස පාචිච්චි නොකළේ ඇයි? කියන ප්‍රශ්නය අපි චනාධිපතිවරයාගෙන් අහනවා. අග්‍රාමාත්‍යතුමාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන්, සෞඛ්‍ය බලධාරී සැම දෙනාගෙන් අපි ප්‍රශ්න කරනවා. ඇයි මේ සා විශාල අලාභයක් රටට අත්කර දුන්නේ. මෙය ජනතාවට සිදුවුන මහා අසාධාරණයක්, අපරාධයක් හැටියටයි අපි මතක් කරන්නේ.
මේ මුදල රටේ ජනතාව වෙනුවෙන් යලි යොදාගත හැකි ක්‍රමවේදයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. සාකච්ඡා කළ යුතුයි. රසායනාගාරවේදීන්ගේ සංගමය පෙන්වා දෙන හැටියට මහජනතාවට සාධාරණයක් ඉටු කළ යුතුයි.
කෝවිඞ් මර්දනයට අවංක ලෙස සෞඛ්‍ය බලධාරීන් උත්සාහ ගන්නවානම් මේ ලැබුණ ප්‍රතිපාදනය
මහා භාග්‍යයක්නේ. ඒක මහා වාසනාවක් නේ. ස්තුති පූර්වකව මේ මුදල අරගෙන වියදම් කළානම්කොරෝනාව මර්ධනය කරන්න තිබුණා නේද? සෝභිත හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ 100% නිවැරදියි. කොමිස් මුදල් නොලැබෙන කිසිම ව්‍යාපාරයක් කරන්න නිලධාරියෝ, දේශපාලකයෝ කැමති නැහැ.
අවුලක් නැහැ අපේ හාමදුරුවනේ 20 සම්මත කරගත්තනෙ.
ඕව අහන්න තහනම් ප්‍රශ්ණ හාමුදුරුවනේ. රට බේරගත්ත එක ගැන කියල යුතුකම් ඉටුකරන්න ඡන්දෙ දෙන්න කියල විතරයි හාමුදුරුවරු කියන්න ඕනෙ කියලයි මේ අය හිතන් ඉන්නෙ. දැන් ඉතින් ඔබ වහන්සේලාට වෙන්නෙ දේශද්‍රෝහී හාමුදුරුවරු ගොඩට වැටෙන්න තමයි.
අනේ හාමුදුරැවනේ, ඕන නැතිඒවා සොයන්න යන්න එපා. පාඩුවෙ වැඩක් කරං ඉන්න. පාලකයො ඕවට කැමති නැහැ. හාමුරැවරැ මීට පස්සෙ දේශපාලනය කරන්න එපා. පේනවනේ වෙචේච දේ.
ඔබ වහන්සේ නොදන්නවා වුනාට මුළු රටම දන්නවා ඔය සල්ලි වලට වුන දේ.
අනේ මෙහෙමත් අය!!! අවුරුදු 5ක් රට කාලා උඹලත් ගෙදර පලයල්ලා.
දැන් මරක්කල ආණ්ඩුව ඕකට උත්තර දෙයි කියලද හාමුදුරුවෝ හිතන්නේ? බොරු කොරෝනා දෙවෙනි රැල්ලක් පිටින් දාල රට පාවල දෙනවා. මිනිස්සුන්ව මුලාකරලා ඊළඟට කරන්නේ බොරු කොරෝනාවෙන් බැට කෑව කියල තමන්ට හිතවාදී ධනපතියන්ට කොරෝනා ආධාර ලබා දීම... මුළු රටම විරුද්ධ වුනු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නට මරක්කලයන්ට ලැබුණු කොමිස් එක කීයද? කොළඹ තියෙන ඇමරිකන් තානාපති කාර්යාලය හදල දුන්නු 20 වෙනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේ කරපු වෙනස්කම් ගැන මිනිස්සු දැනුවත්ද? ඊළඟට එන්නේ මරක්කල ව්‍යවස්ථාව... ඒක තාම හදනව කියන්නේ බොරු. ඇමරිකන් තානාපති කාර්යාලය ඒක හදල ඉවරයි. රනිල්ට හදල දීපු ෆෙඩරල් ව්‍යවස්ථාවමයි. එකම ඇමරිකන් න්‍යාය පත්‍රය...
කරන්න තියෙන පාවා දීම් ඔක්කොම කරන කම්, තමන් සිංහල බෞද්ධයන් කියල රටම රවටගෙන හිටපු තව රාජපක්ෂයෙක් පාර්ලිමේන්තු එනකම්, ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළා තවත් වංචාවක් කරනකම්, කොරෝනා දෙවෙනි රැල්ල රට වටේ යයි.
අප්පොච්චි, බාප්පොච්චි හා මිස්ටර් ටෙන් පර්සන්ට් ඛෙදාගෙන...
කොහොමත් මෙයා එජාපයට කඩෙ යන කෙනෙක්නේ. දැක්කේ නැද්ද ගෝල්පේස් එකේදී මෙයාගේ තරාතිරම...? පැවිද්දෝ මොනවටද මුදල් ගැන මෙපමණ කරදර වෙන්නේ? යෝ චායං කාමෙසු කාම සුඛල්ලිකානුයෝගෝ හීනෝ, ගම්මෝ, පෝථුජ්ජනිකෝ, අනරියෝ, අනත්ථ සංහිතෝ....
නරින්ට කුකුල්ලු භාර දීලා ඊට පස්සේ අහනවා කුකුල්ලු ටික කෝ කියලා? අනේ මන්දා අපේ හාමුදුරුවනේ? අනික ඉතින් අපි ණයට ගන්න කැමති උනාට , ආධාර ගන්න ගන්න අකමැති මහා ජාතියක්නේ?
හාමුදුරුවනේ, පැහදලිව වදාරන්න. මෙම මුදල ලැබුණාද, නොගෙන අවලංතු වෙන්න යනවාද, ගත්තෙ නැත්නම් කොමිස් ගහන්නෙ කොහොමද ?
ඔච්චර දැවැන්ත මුදලක් සමහරවිට කාටද අමතක වෙලා සේප්පුවට දමලා ඇති. මෙ කතාව ටිකක් කාටත් අමතක වුණාට පස්සේ හෙමින් හෙමින් සමහරවිට කීප දෙනෙකුගේ බැංකු ගිණුම්වලට ඇතුල් වෙන්න බැරිත් නැහැ. එහෙම නැතිනම් පිටරට වටිනා දේපළ මිලදී ගැනීමට අත් උදව්වක් වෙවි..!!!
මෙන්න තවත් හද පෙන්නුවම ඇගිල්ල දිහාබලන මහත්මයෙක්... හාමුදුරුවරු ගැන අපිටත් විවේචන තියෙනව. ඒත් මේ කතා කලේ අප වෙනුවෙන් නොවේද?
මොන පක්ෂයේ වුනන් ඇත්ත නම් ඇත්ත තමයි. අපිට කාගෙවත් පක්ෂ වැඩක් නැහැ.
මමත් අප්පච්චිලාට කඩේ ගිය කෙනෙක්. නමුත් මේ ස්වාමින්වහන්සේලා රටේ ප්‍රශ්න ගැන කතා කරලා ගිහි පින්වතුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
හාමුදුරුවනේ බොහෝම සරලයි. උත්තරෙ කොමිස් නැත.
රට ඉවරයි තව අවුරුදු 5 කින් ..
මෙ කියන්නේ නමක් නැති රාජපක්ෂලාට කඩෙ යන කෙනෙක්ද? සෝභිත හාමුදුරුවෝ හැමදාම සත්‍යය වෙනුවෙන් පෙනී හිටියා. එය භික්ෂුවගේ වගකීම. 69 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සු දැන් සතුටින්ද? රටෙ ධනය මන්කොල්ලකද්දීත් වුන්ම හොදයි කියන මිනිස්සු අතර කෙනෙක් විතරයි. මෙහෙම ගොන්නු ඉන්න තාක්කල් මැදමුලනට හොරකම, වංචාව පහසුයි.
ඔබවහන්සේ නිවැරැදිය. කොමිස් ලැඛෙන්නේ නැති නිසා ආධාර හරවලා යවලා, සියයට 10 පොලියට උපකරණ මිලදී ගන්න කිව්වා නම් අර නොරෙච්චෝලේ බලාගාරය වගේ කොමිස් දුන්නා නම් ඔනෙ කුණු ගොඩක් මෙයාලා ගනීවි..
දැන් ඔවා හොයලා වැඩක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස, රාජපක්ෂලාගේ හොරකම් ගැන මුලු රටම දන්නවා. සුනාමියෙන් පටන්ගත් ගැහිල්ල තවම නවත්තලා නැහැනේ. අනෙක් දැන් මොකටද නතර කරන්නේ? ජනතාවත් ඉඩදීලනේ තියෙන්නේ...
මෙ වගේ දේවල් වලට හරියට පිලිතුරු දෙන්න ජනතා ඡන්දයෙන් බත්වෙලා මහජන මුදලින් වැටුප් ගන්න මහජන නියෝජිතයෝ කටයුතු කළ යුතුය. නොඑසේ කිපිලා මෙවගෙන් මගහරින්න මෙවගෙන් මගහරින්න කටයුතු කිරීම සුදුසු නැත. වැරැද්දක් ඇත්නම් අවංකව එය පිළිගෙන ඉදිරියට යා යුතුය. තමන් කරන දේ හරි කිය කියා මෙතෙක් කල් හැම පාලකයෝම කීවට රට තවම ඉදිරියට ගිහිල්ල නම් නැති බව තමයි පේන්න තියෙන්නේ...
හාමුදුරුවනේ, ඒ අයට අවවාද දෙන්න... `රාජා භවතු ධම්මිකෝ...` ඒ අය හොද බෞද්ධයින් නොවෙ....
හෙල්පින් හම්බන්තොට මතක් වෙනවා. සුනාමි අරමුදලට වෙච්ච දේ මෙයට නොවෙවා..!!!
ඒ සල්ලිවලින් පිරිකරට කීයක්වත් තියලා නැතිව වගේ..
උන්නාන්සේලා මෙක විමසලා තියෙන්නේ මාද්‍යවලින්නේ...? සල්ලි හම්බවෙලා තියෙන්නේ මාධ්‍යවලට නෙමෙයි..... අපේ හාමුදුරුවනේ ආණ්ඩුවට... අහන්න ඔන ආණ්ඩුවෙන්... එහෙමත් නැතිනම් මහා භාණ්ඩාගාරයෙන්... හරියම මැරෙන්න ඉන්න කෙනාගේ අල්ලපු ගෙදර කෙනාට සෙත්පිරිත් කියනවා වගේ වැඩක්නේ මෙක?
ඔබ වහන්සේ වගේම මේකෙ අදහස් දාපු ගොඩක් අය සියල්ල දත් අය. වෛද්‍යවරුන්ට වඩා වෛද්‍ය විශේෂඥයන්. ආරක්ෂක අංශ වලට වඩා ආරක්ෂක විශේෂඥයන්. ආරථික විශේෂඥයන්ට වඩා ආර්ථික මහාචාර්යවරුන්. නීති විශාරදයන්ට වඩා නීති විශේෂඥයන්. වෙන එකක් තියා රහස් පරීක්ෂක විශේෂඥයන්. හැබැයි ප්‍රශ්ණෙ කියන්නේ පාස්කු ප්‍රහාරයේදී, එම්සීසී එකේදී, ඊනියා ව්‍යවස්ථා සම්පාදනයේදී. ස්වාධින එහෙත් මහජන විරෝධී, සාධාරණ එහෙත් අසාධාරණ සමාජ, තනිකර හොරු හිටපු බැංකු කොල්ලකන යහපාලනයේදී, ගෑස් ප්‍රවර්ධනය සඳහා චීවරධාරීන් රජයේ දීමනා ලබද්දී, බුද්ධපුත්‍රයන් හිරේ දමද්දී, භික්ෂූන් වහන්සේලාගේ අවසාන කටයුතු කරන එක වලක්වද්දී මේ එක විශේෂඥයෙක්වත් හිටපු නැති එකනේ. (තව ගොඩක් මේ වගේ උදාහරණ තියෙනවා)
අපේ අය හරි දක්‍ෂයි, හඳ පෙන්නන කොට ඇඟිල්ල දිහා බලන්න. මේ ලැබුණු අති විශාල ආධාර මුදල් වලින් අතිශය පීඩාවට පත් වෙලා ඉන්න හුදී ජනතාවට, සහනයක් සලසා දෙන ක්‍රමයක් ගැන කථා කරලා ඒ අසරණ මිනිසුන්ට පිහිටක්, උපකාරයක් වෙන විදිහක් ගැන කල්පනා කරන්න. දියුණු රටවල් වල, අගතියට පත් ජනතාවට මොනතරම් නම් ආධාර උපකාර කරනවාද? අපේ අය දන්නේ නිකම් වාද කර කර ඉන්න විතරයි.. අසරණයා හැම පැත්තකින්ම තැලෙන එක විතරයි වෙන්නේ...
මට මේ වෙලාවේ සුනාමි ආධාර ගැන මතක් වුණා..
මේ ගැන අගහරැවාදා පාර්ලිමේන්තුවෙදි සෞඛ්‍ය ඇමතිතුමිය පැහැදිලි කළා. අදාලා ණය මුදල ලැබී ඇත්තේ 2023 දක්වා බවත්, ඉන් දැනට වියදම් කළ ප්‍රමාණයන් හා වියදම් කළ අකාරය ගැනත්, ඉදිරියේදී වියදම් කරන්නට බලාපොරොත්තු වන ආකාරය පිළිබදවත් සවිස්තරාත්මකව තොරතුරැ ඉදිරිපත් කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාධ්‍ය ඉදිරියට එන්නට පෙර අදාල තොරතුරැ සොයා බැලුවානම් තමයි වඩා වටින්නේ.
අලුත්ම එජාප කොන්තරාත්තුව...
කපුරුහාමිට සුනාමි මතක් වෙනකොට මට පසුගිය කාලේ ඇතිකල මෙතෙක් සිදුූවූ කිසිවක් නොදන්නා කොවිඩ් අරමුදල ගැන මතක්වුනා.
හාමුදුරුවෝ පල්වෙනවා දකින්න මම කැමති නෑ. එත් බිලියන 30 (US $ 166 මිලියන) දෙන්න තරම් WHO ට සල්ලි නැති බව ඕනැ කෙනෙක්ට තේරෙන්න ඕනැ. දෙකක් තුනක් දුන්න වෙන්න පුළුවන්. මුළු බජට් එකම US $ 4 B.
නැහැ මුකුත් ලැබුණේ නැහැ. ඔවා අපිට විරුද්ධ අධිරාජ්‍යවාදීන්ගේ .... එන්.ජී.ඔ වලින් යැපෙන දේශද්රෝහීන්ගේ බොරු කතා. බොරුනම් මගෙ මල්ලිගෙන් අහලා බලන්න.
ඇයි හාමුදුරුවන්ගෙ පංගුව හම්බ වුණේ නෑ... ආ, සොරි සොරි, මට අමතක උනා ඔබවහන්සේ විපක්ශෙ කියලා.
මැදමුලන ගෙදරට යන්න තියෙන කොන්ක්‍රීට් පාරෙ, ඒකට උඩින් දැන් කාපට් දානවලු. ඔවා තමයි අපේ සල්ලිවලින් මෙ අය කරන්නේ. මතකනේ සොහොන් හැදුවා අපේ සල්ලිවලින්..
ප්‍රශ්න නැතිකමත් ප්‍රශ්නයක්. මේවා දුර දිග නොබලා කරන මාධ්‍ය සාකච්ඡා.
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට වටින්නේ මේ මාතෘභූමියයි අපේ හාමුදුරුවනේ...
හාමුදුරුවනේ ඔය ගමන්ම 2015-2020 කාලයේ සංස්කෘතික අරමුදලේ කෝටි ගණනකට වෙච්චි දේත් සොයා බැලුවා නම් නේද හොඳ?