IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

(අධිකාරී මුදියන්සේ)  

 

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නොපැළඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින්  30 දෙනෙකු  හට රුපියල් 5000 බැගින්  දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී .එන්  ප්‍රියදර්ශනී  මහත්මිය අද (6) නියෝග කළාය .

ඉතිරි සැකකරුවන් 10 දෙනා හට ඉදිරි නඩු දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත්‍රයට අනුව මහජන ආරක්ෂාව සඳහා මොවුන්ට විරුද්ධව නඩු පැවරූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්විය.

සෞඛ්‍ය නීති පිළිබඳ මහජනතාව දැනුවත් කර තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද හා  මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ  පොදු ස්ථානවල හා මහමග ගැවසුණ හොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට  සිදුවන බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර් යාලයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.



අදහස් (8)

මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

Mal Pohottuwa Friday, 06 November 2020 10:09 AM

හරි... තවදුරටත් කොරෝනා රජයට වසංගතයක් නොවේ.

:       0       1

CISCO Friday, 06 November 2020 10:37 AM

මේකට තමයි මැතිවරණයට කළින් රුපියල් 5000 ගානේ දුන්නේ.

:       0       1

NM Friday, 06 November 2020 11:06 AM

අති බහුතරයක් බහුතරයක් "මුඛ" ආවරණ කළත් අත්‍යාවශ්‍යයෙන් සිදුවිය යුතුම "මුව" ආවරණය නොකරන බව පෙනේ...

:       0       1

බද්රානි Friday, 06 November 2020 11:41 AM

නඩු දාලා දඩ ගහන්න අය හිටියට, දැන් දුප්පත් මිනිස්සුන්ට මුඛ ආවරණයක් නොමිලේ දෙන්න කවුරුවත් නැහැ. පහුගිය කාලේ ඡන්ද ලකුණු යොදාගෙන තෑගි දෙන්න ගොඩක් අය හිටියට දැන් ඒ කිසිවෙක් නැහැ වගේ නේද? එක අතකට පාලකයෝ, දෙයියෝ කියලා හිතාගෙන සිටින ජනතාවට, හොඳ වැඩේ දඩ ගැහුවට?

:       0       1

බද්රානි Friday, 06 November 2020 11:46 AM

නඩු දාලා දඩ ගහන්න අය හිටියට, දැන් දුප්පත් මිනිස්සුන්ට මුඛ ආවරණයක් නොමිලේ දෙන්න කවුරුවත් නැහැ. පහුගිය කාලේ ඡන්ද ලකුණු යොදාගෙන තෑගි දෙන්න ගොඩක් අය හිටියට දැන් ඒ කිසිවෙක් නැහැ වගේ නේද? එක අතකට පාලකයින්, දෙවියන් කියලා හිතාගෙන සිටින ජනතාවට, හොඳ වැඩේ දඩ ගැහුවට..

:       0       0

NM Friday, 06 November 2020 12:00 PM

නාසය යනු මෙම කොරෝනා වයිරසය ඇතුළුවන ප්‍රධාන ස්ථානයකි. ඒ හරහා එකවරම පෙනහළු කරා යයි. එබැවින් නාසය ආවරණය විය යුතුයි.

:       0       1

Manjula Friday, 06 November 2020 02:10 PM

නියමයි මහේෂ් මල්ලි... නීතිය ක්‍රියාත්මක කිරීම යනු හුදෙක් මහජනයාට දඬුවම් ලබාදීම පමණක් නෙවෙයි. එය චර්යා වෙනසක් සඳහා කරන සමස්ත ක්‍රියාදාමයක් විය යුතුයි. ගොඩක් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේක තේරුම් ගන්නේ නෑ. ඔබ මේ කරපු දේ අගය කළ යුතු වන්නේ ඒ නිසයි.

:       0       1

නිමල් Friday, 06 November 2020 03:41 PM

මුඛ ආවරණ ද? මුව ආවරණ ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site