ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය. 14 June 2020
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. 12 June 2020
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස් පාසල් නැවත පටන් ගැනීමේ දී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. 12 June 2020
පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දින මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 12 June 2020
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 June 2020
මහ මැතිවරණය අගෝස්තු 5 මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය. 10 June 2020
රාජිත සේනාරත්නට ඇප සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2020
ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින් කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 09 June 2020
ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක් ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 09 June 2020
කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි. 09 June 2020
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 June 2020
තෙමසකට පසු මඩකලපුව - කොළඹ දුම්රිය ගමන යළි ඇරඹෙයි කොරෝනා වයිරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි. 08 June 2020
ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 07 June 2020
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 06 June 2020
ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 June 2020
ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1800 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1800 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 June 2020
තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 05 June 2020
ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය. 04 June 2020
දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය. 04 June 2020
’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’ තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 03 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 June 2020
ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 02 June 2020
’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’ වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. 01 June 2020
’මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ලිපි ලේඛන වලට අත්සන් 21,000 ක් ගැහැව්වා’ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කලේය. 01 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026