කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින් කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 09 June 2020
ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක් ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 09 June 2020
කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි. 09 June 2020
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 June 2020
තෙමසකට පසු මඩකලපුව - කොළඹ දුම්රිය ගමන යළි ඇරඹෙයි කොරෝනා වයිරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි. 08 June 2020
ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 07 June 2020
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 06 June 2020
ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 June 2020
ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1800 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1800 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 June 2020
තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 05 June 2020
ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය. 04 June 2020
දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය. 04 June 2020
’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’ තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 03 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 June 2020
ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 02 June 2020
’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’ වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. 01 June 2020
’මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ලිපි ලේඛන වලට අත්සන් 21,000 ක් ගැහැව්වා’ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කලේය. 01 June 2020
රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක් මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. 01 June 2020
ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. 31 May 2020
තොන්ඩමන්ගේ අවමඟුල නිරෝධායන නීතිවලට කළැයි කම්කරු කොන්ග්‍රසයේ ලොක්කෙක් පරළ වෙයි අභාවප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් කරන ලෙස කළ දැනුම්දීමට උරණවූ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රබලයකු සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි. 31 May 2020
’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි. 31 May 2020
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 31 May 2020
රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 30 May 2020
ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ සිටි ලාංකිකයන් 304 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 30 May 2020
’හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ බලාපොරොත්තුව හදවතින් අතහැර නැහැ’ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 May 2020
‘‘මහ මැතිවරණයට පසු පළාත් සභා මැතිවරණයට සූදානම්‘‘ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(29) පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය. 29 May 2020
සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ. 29 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026