
(මලීෂා ගුණවර්ධන)
මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා 2013-2016 අතර කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර් ගීකරණ අංක යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණි සිටියහ.
තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය.
ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය කෙරිණී.
එම රැස්වීමට කෝපා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ ,ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද ,මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක ,අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති ,එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරින් ලෝකයේ පුදුම හතෙන් 21 ක් වන පුදුමය මෙන්ම නිව්ටන්ගේ 18 වන නියමට සමාන සොයා ගැනීමක් කර ඇති බැවින් අප එම නිලධාරීන්ට ස්තුතිය පුද කරන්නෙමු. අප පාසැලේ බාලාංශයට පමණක් ඉගෙනගත් මළපොතේ අකුරක් නොදත් එදා වේල අමාරුවෙන් සරි කරගන්න පිරිසකි. එනමුත් ශ්‍රීලංකා රේගුව පිළිබඳව අපගේ නූගත් මොලයෙන් කියැවෙන්නේ එහි සිටින්නේ කම්බ හොරුන්ගේ 12 ගුණාකාරයටත් වැඩි අගයක් ගන්න හොර ඥාණයෙන් පරිපූර්ණ වූ සුපිංවත් උපාසකයන් පිරිසක් බවයි. (එලෙසම එහි ඉතාමත්ම අවංකව තම සේවය ඉටුකරන ඉතාමත් දක්ෂ නිලධාරීන් සීමිත පිරිසකුත් සිටින බව සඳහන් කරන්නෙමු.. ඔවුන්ට සැමවිටම යහපතක් වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි..!!!)
පාම් ඔයිල් වලින් කොහොමද පාඩු වුණේ කියලා කියන්න.
ඔය අතපසුවීම් නොව හවුලේ කරන වංචා.. රේගුවේ සිට ඉහළට එන්නේ හොරු... හොඳ මනුස්සයෙක්ට එන්න දෙන්නේ නැහැ. කොහොමහරි පන්නා ගන්නවා.
අවුරුදු 3ක්ම අතපසුවීම් වුණා ද? කොච්චර දුර්වල අය ද.
මෙක හරියට හට්ටිය, කේතලේට නුඹ කලු පාටයි කියන්නා වගේ කතාවක්... හොදම හොරු ටිකක් කෝපා කමිටුවෙ ඉදගෙන රෙගුවෙ වැරැදි කියන්නේ...