එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි තමා ඇතුළු 99 දෙනකුගේ එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලු වාරණය කොළඹ දිසා අධිකරණය අද (22) ප්‍රතික්ෂේප කළේය. 22 June 2020
කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය. 22 June 2020
වසරකට පෙර තාත්තා මැරූ පුතාගේ පොලු පහරින් අම්මාත් එතැනම මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි. 22 June 2020
ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 22 June 2020
කොරෝනා වක්‍රය පහළ බසී ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි. 21 June 2020
’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’ අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 21 June 2020
අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
මහින්දාන්දගේ කතාව ගැන පරීක්ෂණයක් කරන්න ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ. 19 June 2020
සම්පන්දන් කරුණු 5 කින් ජනපති තීරණය ප්‍රශ්න කරයි නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූයේ ඇයිදැයි විමසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇත. 18 June 2020
බැදුම්කර වංචාව ගැන හිටපු ජනාධිපති - අගමැති දෙදෙනාගෙන් කටඋත්තර ගන්න පොලිස්පතිට නියෝග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදු වු බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සිව්දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (18) උපදෙස් ලබා දුන්නේය. 18 June 2020
සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් තිස් කෝටි හැට ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කල බවට තමන්ට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධි චෝදනා නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. 18 June 2020
මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි. 17 June 2020
පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්යක්ෂවරයකුට වරෙන්තු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය. 17 June 2020
ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි හොරණ ගොඩැල්ල ප්‍රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි, අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 17 June 2020
අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් හෙට උදෑසන ලංකාවට එති අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 June 2020
කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 16 June 2020
කොරෝනා මඩින්න සෞඛ්‍ය අංශවලට තවත් බලතල කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත. 15 June 2020
හිටපු ජනපති දෙන්න ගිය ශිෂ්‍යත්ව මැතිවරණ කොමිසම අත්හිටුවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සරසවි වරම් ලබා සිටින දරු දැරියන් 360 දෙනෙකුට තමන් අතින් අද(15) දිනයේ පිරිනැමීමට සූදානම් කර තිබූ අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ තිළිණ කවුරුන් හෝ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නියමයෙන් අත්හිටුවීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 15 June 2020
පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 15 June 2020
විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2020
ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය. 14 June 2020
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. 12 June 2020
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස් පාසල් නැවත පටන් ගැනීමේ දී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. 12 June 2020
පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දින මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 12 June 2020
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 June 2020
මහ මැතිවරණය අගෝස්තු 5 මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය. 10 June 2020
රාජිත සේනාරත්නට ඇප සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2020
ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026