(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා වී තිබුණු රුපියල් බිලියන 89ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කරයි.
හවුල්කාර රටේ (ශ්‍රී ලංකාවේ) සම්බන්ධ වීම අඩු වීම හේතු කරගෙන එම තීරණය ගත් බව ද එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා අනුමත වී තිබූ එම රුපියල් බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යෑමට, දුගී බව අඩු කරගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටකට ලබාගැනීමට හැකි යැයි එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය පවසා ඇත.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ සජිත්, අරුණ, පාඨලී මල්ලිලා...?
පව් එයාලා අපිට ආදරෙට දෙන්න හදලා තියෙන්නේ. අනේ යන්න. ලංකාවෙ හරක්නේ....
හොදයි ස්තුතියි.
අපට සුද්දන්ගේ සල්ලි එපා. අපි ශ්‍රේෂ්ඨ ජාතියක්... ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි.
අපි මෙවා චීනාට විකුණලා ඉවරයි. ඔයාලා නොගත්තාට කමක් නැහැ.
මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු වුනේ.100% හැමදේම සිදු නොවුනත් මේ වගේ වැදගත් හොඳ දේවල් අගය කල යුතුමයි. එදා මේ ගිවිසුමට විරුද්ධව වචනයක් නොකියපු රතු මල්ලිලා පහුගිය කාලේ කිව්වේ මේක අත්සන් කරලා ඉවරයි කියලා. දැන් ඉතින් එල්ලෙන්න වෙන වැලක් හොයාගන්න වෙයි.
බලෙන් සල්ලි කාටවත් දෙන්න එපා. සල්ලි ගන්න කැමැති රටකට මේක දෙන්න.
දැන් අත්සන් කරයි, දැන් අත්සන් කරයි කියල උදේ හවා ප්‍රාර්ථනා කරගෙන, ඊට පස්සේ ආණ්ඩුවට නෙලන්න බලා ගෙන හිටපු සතු මල්ලිලා සහ සජබ අය්යලා කෝ?
ඒකනේ මීළග ඡන්දෙත් ගොඩෙ ගොඩ...
අනේ දෙවියනේ ලොකු දෙයක්... ඕක ලැබුණොත් අපේ අයියලා සාක්කුවේ දා ගන්නවා. රටේ ජනතාව ණය ගෙවනවා.
ඉක්මණින් හෝ පසුව හෝ අපට පසුතැවිලි වෙන්න වෙන්න වෙනවා.
බයියෝ උඩ පැන්නට. අමෙරිකාවෙන් සර්ට හීන් ටොක්කක් ඇනලා තියෙන්නේ. ඔක ගන්න දැන් පොරකන්නේ නැද්ද බලන්නකෝ.? ඊට පස්සේ රෙද්දක් ඇදන් මේ තීරුවට නම් එන්න එපා...
බස්නාහිර පළාතේ නාගරික මාර්ග හා සන්ධි විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර ගැනීමට තිබූ අවස්ථාව නැති විය.