(ඉන්දිකා රාමනායක)
චීනයෙන් මෙරටට ආනයනය කර තිබූ වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු වූ ටින් මාළු මෙට්ට්‍රික් ටොන් 768 ක ප්‍රමාණයක් නැවතත් ප්‍රති අපනයනය කිරීමට රේගුව පියවර ගෙන ඇත .
රුපියල් මිලියන 384 ක් වටිනා මෙම ටින් මාළු බහාලුම් 48 ක තිබූ බවත් එය 2014 මෙරටට ආනයනය කර ඇති බව රේගුව සඳහන් කරයි .
මෙම ටින් මාළු සම්බන්ධයෙන් ප්‍රමිති නිර්නායක සනාත නොකිරීම හේතුවෙන් ලංකා ප්‍රමිති ආයතකය විසින් පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසිය.
මෙම ටින් මාළු වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු වී ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය
මෙම ටින් මාළු සම්බන්ධයෙන් රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකය පරීක්ෂණ පවත්වා ඒවා නැවත ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබිණි .
රේගු අධ්‍යක්ෂ ජනරාල්ක් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධිකෂණය යටතේ, රේගු පාරිභෝගික ආර්අෂණ ඒකකයේ අතිරේක උපදේශක ජනරාල් එස් ආදීනන්දීෂ්වීවරන්, රේගු අධිකාරි එස් පී එෆ් අශ්රොෆ් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම ටින් මාලු ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර වශයෙන් බහලුම් දෙකක් අද (17) ප්‍රති අපනයනය කළ අතර මෙම මස අගදී ඉතිරි බහාලුම් ප්‍රති අපනයනය කරන බවද රේගු ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.


COMMENTS
අපේ මහින්ද මහතා ධීවර ඇමැති වී ටික කලකින් රුපියල් 300ට 350ට තිඛෙන බල මාලු කිලෝව රුපියල් 600ට ගියා... කවුරුත් හිතුවෙ ධීවරයත්, ධීවර කර්මාන්තයත් දියුණු කරන්න මිල වැඩි කළා කියලා... ඊට පසු ධීවර කර්මාන්තයත් දියුණු කරන්න මිල වැඩි කළා කියලා. එයින් පෙනෙන්නේ ධීවර කර්මාන්තය දියුණු කරන්න පුළුවන් කෙනෙක් මෙ රටෙ නැති බවයි.
චීනයෙන් කවුද එන බොන ජාති ගෙන්නන්නේ?
2014 සිට රේගුව පොල් ගෑවාද මෙච්චර කල්?
අපේ පාලකයින් නම් හරිම දරුණුයි.
ඔවා කරලා ලොකුසර්ගෙන් පොඩි සර්ට බැණුම් අහන්නයි වෙන්නේ.
චීනාගෙ දහ ජරා ආහාර වල සැබෑ තත්වය පේනවා නේද? මේ තත්ත්වය පූර්වාදර්ශයට ගෙන හෝ මින් ඉදිරියට චීනාගේ ආහාර ගෙනඒම නතර කරන්න. ටින් මාළු අතරට වෙනත් දහජාරාවත් දමා ඒවනවාද කියා දන්නේ කවුද?
2014 ආපු ඒවා දැන් තමයි යවන්නේ. ඊට පස්සේ ආපුවා අපිට කැව්වද? නැත්නම් තාම වරායේද? මොකද 2014 ආපුවා දැන්නම් යවන්නේ දැන් එන ඒවා 2026 නේ යවන්නේ... වසර දෙකකින් එක්ස්පයර් වන ටින් මාළු වසර 06ක් තියාගෙන පොල් ගානවද?
චීනයේ සත්ව ඝාතන නිසා අද මුළු ලෝකයම බැටකනවා. කවදා මේ අය තේරුම් ගනීවිද?
සැමනයාට හරි පාඩු ඇති..
එන්න අප හා එක්වන්න... චීන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරමු.
මේක වැරදි වැඩක්, චීනය කියන්නේ අපට සහෙන්න උදවු කරන අපේ රටට ඉතා හිතවත් රටක්. මේ විදියට ආපහු යවන එකෙන් ඔවුන්ගේ හිත නරක් වෙන්න පුළුවන් අපේ ඝෝටාභය සර්ට ලංකාව සංවර්ධිත රටක් කරන්න චීනය උදව් කරද්දී , මේ වගේ සුළු දේවල් ගණන් ගන්න හොඳ නැහැ.
කන්ටේනර් දෙකක් යවා ඉතිරි එ්වා මෙහෙ විකුණා කියයි ඉතිරි තොගය හොඳයි කියලා...
චීන ප්‍රාන්තයක් වුණු ශ්‍රී ලංකාවට මොනවා වෙයිද? මෙ ප්‍රාන්තයට මහ ආණ්ඩුවෙන් සම්බාධක දමයිද දන්නේ නැහැ...
චීනෙ මොකෝ ... අපි මොකෝ... අපි චීනගේ යටහත් වැසියෝ වන කල....
යැව්වද? නැත්නම් නාකොටික් එක වගේ කළාද?