
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය.
වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා ගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ගෙන තිබිණි. වනජීවි කැබිනට් ඇමති සී.බී රත්නායක මහතාගේ ප‍්‍රකාශය හුදු වචනයට පමනක් සීමා නොවිය යුතු බවද, ඇමතිවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද, වනජීවි පණතට පටහැනිව දිවයිනේ කිසියම් හෝ වන ජීවි කලාපයක් සම්බන්ධයෙන් යම් ක්‍රියාවක් සිදුවන තත්ත්වයක් උද්ගතවුවහොත් දැවැන්ත වෘත්තිය අරගලයක යෙදීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
අද පැවති වෘත්තිය අරගලය 98%කින් සාර්ථක වූ බව බවසන සභාපතිවරයා ප‍්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූ වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් කි‍්‍රයාකළ බවත් සදහන් කළේය.
ඇමතිවරයා දැක්වූ යහපත් ප‍්‍රතිචාරයට තම සංගමයේ ස්තුතිය පළ කරන බවද ශානුක සදරුවන් මහතා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්දිල්ල නතර කරන්න සූප්පුව කටෙ ගැහුවට කිරි බව දන්නේ නැති කිරි සප්පයෝ...
මේ රටේ මෙතෙක් තිබූ බොහෝ දේශපාලකයන් හා ආණ්ඩු බලය ලබාගැනීමට පෙර රටේ ජනතාවට දෙනු ලැබුවා වූ පොරොන්දු බලය ලබාගත් පසු අමතක කොට දැමීම සාමාන්‍ය සිද්ධියකි. පරිසරය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. තමන්ට බලයට එන්නට විය පැහැදම් කළ හිතවතුන්ට හරිහම්බ කරගැනීමට එසේ කරනවා විය හැකිය. එසේම, මේ පරිසර විනාශය වෙනුවෙන් මොරදෙන විපක්ෂයේ අය එදා හැසිරුණ ආකාරය ගැන ඔවුන්ට අද මතක නැතුවා සේය. ඔවුන් බලයට පත්වූ විටෙක දීද, තත්ත්වය එසේමය. මෙවන් වේලාවට කියවෙන දෙයක් ජනවහරේ පවතී. එනම්, දේශපාලකයාට බළේ තිබෙනා විට මොළේ නැත. මොළේ තිබෙනා විට බලේ නැත.' යන්නය. මෙය මොනතරම් අගනා කියමනක් දැයි සිතේ. මෙය ගැන සිතා හෝ මේ රටේ ජනතාව තමන්ව කෙවිටක් ගෙන දේශපාලකයාට දැකීමට ඉඩදීය යුතු නොවේ. එසේ ඉඩදුන හොත්, තමන් දක්කන සතාගේ ගණයට වැටෙන බව ඔවුන් තරයේ සිහිතබාගත යුතුය.