IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අලෙවියට නුසුදුසු ලොකු ලූනූ කිලෝ 60,000 ක් දඹුල්ලෙන් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ විදේශ රටවලින් ගෙන්වා තිබූ  ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 60,000 කට අධික ප්‍රමාණයක් අද ( 9) සොයා ගැනීමට හැකිව තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩා සංකීර්ණයේ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් තොරව පාකිස්තානය ඉන්දියාව චීනය ඉරානය ආදී රටවල් වලින් ගෙන්වන අර්තාපල් අල සුදුලූනු  ලොකු ළූණු ආදී ගබඩා කිරීම අලෙවි කිරීම සුද්ධ පවිත්‍ර කිරීම සිදුකරන බවනගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත  නාගරික  සෞඛ්‍ය කණ්ඩායම සිදු කළ වැටලීමකදී  මෙම නරක් වූ ලූනු තොගය සොයාගෙන ඇත.

එහිදී ඉතා අනාරක්ෂිත ලෙස මෙම ලොකු ලූනු සහ පිටරටින් ගෙන්වන ලද ආහාර ද්‍රව්‍ය පටවන පරිහරණය කරන අයුරු  දුටු  නගරාධිපතිවරයා එම ව්‍යාපාරිකයන්ට දැඩි ලෙස අවවාද  කළේය.


ඇතැම් සේවකයන් මුහුණු ආවරණ නොකර සේවය කර පිරිස දිවයන්නට ද වූහ. කෙසේ වෙතත් මෙම ගබඩා සංකීර්ණය පරික්ෂා කිරීමේදී ගබඩා රැසක   මෙරටට ගෙන්වා ඇති බවට කිසිදු ලියකියවිලි සාධකයක් නොමැති ව ඇති ආහාර රැසක්   සුද්ද පවිත්‍ර කොට ඉතා සූක්ෂම ලෙස වෙළඳපොලට යැවීමේ ජාවාරම හසු කර ගැනීමට ද හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට අයත්   මෙහි ගබඩාවක ඉදිරිපිට සහ පසුපස සම්පූර්ණයෙන්ම වසා දමා කාන්තාවන් රැසක් එම ගබඩාව තුළ රඳවා ආහාරයට නුසුදුසු පැළ වී ඇති ලොකු ලූනු එම පැල කපා තෝරා ඇසුරුම් කරමින් සිටින අයුරුද  අනාවරණය කර ගැනීම විශේෂත්වයකි.
 
කොළඹ වරායෙන් රට ඇතුළට ගැනීමෙන් වලක්වා ඉවත් කරන ලොකු ලූනු මෙයාකාරයෙන් ඉතා සූක්ෂම ලෙස ගෙනැවිත් රට පුරා බෙදා හැරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බව නගරාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .



අදහස් (0)

අලෙවියට නුසුදුසු ලොකු ලූනූ කිලෝ 60,000 ක් දඹුල්ලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 828 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 560 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 325 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 340 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 841 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 404 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site