(ඉන්දිකා රාමනායක)
පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මොවුන් රටට ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පී සී ආර් පරීක්ෂණය කිරීමේදී කිරීමේදී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බවට තොරතුරු හෙළි ව ඇති බවත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වූ වරදට ඔවුන් යටත් වන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත් කෝවිඩ් වයිරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
මෙවැනි අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට ඒ සදහ අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය යුතු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍රා
Prabha Sunday, 13 December 2020 11:32 PM
ජාතික හැදුනුම්පත අනිවාර්ය කරන්න... යුද්ධය කාලෙ වගේ..
Nelum kumari Tuesday, 15 December 2020 09:17 AM
හොද වැඩක්... අපේ අයට ශක්තිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. නැතිනම් පාලනය කරන්න අමාරුයි.