
(ඩයනා උදයංගනී)
ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.
පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ඇත.
ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ දී අද (12) පැවති අතර තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා එහි දී පැවසීය.
දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ මතුව ඇති තත්ත්වය අනුව නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව ඇති බවත එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවත් එහිදී අදහස් දැක්වූ රණවක මහතා කීවේය.
ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල, එම පක්ෂයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ යන අයද මෙහිදී සිය තනතුරු වලින් ඉල්ලා අස්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියගේ පුල්ලි මැකෙන්නේ නැහැ වගේ මෙයාගේත් ජාතිවාදී හැගීම් නැතිවෙයි කියලා හිතනවද? මෙයාට වෙන්නෙත් අනුර කුමාර දිසානායක ජවිපය අතහැර වෙන පක්ෂයකින් ගිිහින් ඉල්ලගෙන කෑවා. ඒකෙ අනික් එක බව හොදට මතක තියාගන්න.
න්‍යායාත්මකව ඉගෙනගත් "ගෙඹි සාස්තරෙ " ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වගේ මේ තටමන්නේ...
තම අරමුණ වෙනුවෙන් උපක්‍රමශීලීව ක්‍රියාකරන දේශපාලකයෙක් .... මෙ ඉවත් වෙන්නේ නිකම්ම වෙන්න බැහැ කියලා ඔනෙ කෙනෙක්ට තේරෙන්න ඔනේ....
සමගි බලවෙගේ නියෝජනය කරන ගමන් හෙළ උරුමයේ සාමාජිකත්වය දැරීමෙ තේරුමක් නැති නිසා ඒකෙන් ඉවත් වුණු එක ඉවත් වුණ එක සාධාරණය... එමනිසා මෙ පියවරෙ වරදක් මම නොදකිමි. මෙතන ඇමැතිකම් හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන පක්ෂ මාරුවක් සිදුව නැත.
එතකොට ඒ පක්ෂයට මොකද වෙන්නේ, දිය වෙලාම යයි නේද ?
මෙය විය යුතුමයි...
දැනට වසර කිහිපයකට පෙර තරුණයකු වාහනයේ හැප්පුවා නේද?
මොහු දක්ෂ දේශපාලකයෙක් හා දක්ෂ රාජ්‍ය ආයතන කළමනාකරුවකු බව මොහුගේ පාලන කාලය තුළ විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව යන ආයතන ලාභ ලැබීමෙනුත් අනික් පුද්ගලයින්ගේ කාලයේදී රුපියල් කෝටි දහස් ගණනින් පාඩු ලැබීමත් ඔප්පු වෙනවා.