(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ.
නාච්චාදූව නව නගරයේ අංක 536 ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති නටඹුන්වල ඉතිහාසය ක්‍රි.ව. 3 වන ශතවර්ෂය දක්වා විහිදෙන බව පුරාවිද්‍යා මතයයි.
ක්‍රි.ව. 3 වන සියවසේ මහසෙන් මහරජතුමන් විසින් ඉදිකරන ලද නාච්චාදුව ජලාශය එදා මෙදාතුර රජරට ගොවි ජනතාවගේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් සේ සැළකේ.
එවන් ඓතිහාසික භූමියක පිහිටි නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතය අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතී.
වසර ගණනාවක් තිස්සේ ආරක්ෂිතව පැවති මෙම භූමිය මෑත කාලයේදී මෙසේ විනාශකර බලහත්කාරයෙන් නිවාස ඉදිකිරීම සිදුවන්නේ කාගේ බල පුළුවන්කාරකමකට දැයි ජනතාව ප්‍රශ්න කරති.
මේ පිළිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ මහතා ගෙන සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් පියවර ගන්නා බවයි.

2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා
Bishan Sunday, 13 December 2020 10:05 AM
විල්පත්තුව පෙන්නලා බයියන්ව රවටලා ආපු ආණ්ඩුව මේ රටේ සම්පත් විනාශකරනවා. සර් ෆේල්
Binkunndaa Sunday, 13 December 2020 08:38 PM
නිලධාරීන් පගා අරගෙන ඇස්පියාගෙන ඉන්නවා මෙවා වනකම් , ජාතියක්, ජන්මයක් නැහැ. ලංකාවෙ ඉතිහාසය ඉවරයි.