ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 09 December 2022
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි. 08 December 2022
පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 08 December 2022
සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2022
අක්කටයි නංගිටයි එකම මනාලයයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 December 2022
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා? ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි. 05 December 2022
ලංවීම කෑලි කඩයි ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. 04 December 2022
හැටෙන් යැවීම ස්ථිරයි මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. 03 December 2022
මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. 02 December 2022
තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 02 December 2022
ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6 ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි. 01 December 2022
පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය. 30 November 2022
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2022
ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 28 November 2022
අමාත්‍ය ඩයනාට නොතීසි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. 28 November 2022
අහේනියෙන් ලංකාව හයවැනි තැනට ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වෙයි. 27 November 2022
රට විරුවෝ බර කරට ගනිති විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 November 2022
නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. 25 November 2022
හිටපු ජනපති ගෝඨා 16 අධිකරණයට කැඳවයි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග කළේය. 24 November 2022
’‘අරගලවලට යළි ඉඩ නෑ’’ ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2022
ලන්සාට පහර දෙන්න හැදුවාට චමින්ද මැතිසබෙන් ඉවතට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය. 23 November 2022
චන්ද්‍රිකා - නිමල් පක්ෂයෙන් පන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත. 22 November 2022
ගුරුවරියෝ සාරිය මාරු කරති දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වෙත පැමිණ ඇත. 21 November 2022
ආයෝජනවලින් කෝටි පන් ලක්ෂයක් බහිරවයාට රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 21 November 2022
මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 2.26 කට මානුෂීය සහාය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. 20 November 2022
දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 November 2022
’’රටට විනෝදාස්වාදය අවශ්‍යයි’’ මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 19 November 2022
ධනුෂ්කගේ ඇප මුදල දුන් ලාංකික කත කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 November 2022
ඉන්දියන් සයුරේ පතුල සෙලවේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු ආසන්න ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර් ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 18 November 2022
අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. 18 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026