අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක් මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය. 17 November 2022
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 November 2022
මාස තුනට ලංවීමට කෝටි 4431ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ. 16 November 2022
බීමත් රියදුරා මල් කැකුළක් බිලි ගනියි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි 15 November 2022
හිරුණිකා අත්අඩංගුවට කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 November 2022
අය වැය යළි බලයි ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 13 November 2022
තිළිණි ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් ගනී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල නා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 12 November 2022
ඩීසල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 11 November 2022
ඩයනාට රට ගමන් තහනම් ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය. 11 November 2022
ඩයනාගේ තොරතුරු කඩිනමින් ඉල්ලයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ නඩුව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළේය. 10 November 2022
සැප වාහන සිද්ධියකට පියතුමා රිමාන්ඩ් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය. 09 November 2022
255හේ එන්නත 40,000 ට අරගෙන එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. 08 November 2022
’’මට තිබුනේ එක ඇඳුමයි’’ තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
ධනුෂ්කට ක්‍රිකට් තහනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් මින් ඉදිරියට ක්‍රිකට් සංචිත සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ඔහුව සලකා නොබලන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 November 2022
තිළිණිට - ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 06 November 2022
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා ’ලංකාදීප’යට අද (6) පෙරවරුවේ පැවැසීය. 06 November 2022
පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 05 November 2022
ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ ප්‍රවීණ නළුවකුට සහ ඔහුගේ බිරිඳට ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඔවුන් දෙදෙනා එහි නොපැමිණි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 04 November 2022
වඳුරු උණ රෝගියෙක් මෙරටින් හමු වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. 04 November 2022
ඉම්රාන් ඛාන්ට වෙඩි පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ. 03 November 2022
පිටි 96කින්:කරවල 105කින් පහළට ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 03 November 2022
ප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(02) නියෝග කළේය . 02 November 2022
අද විරෝධයට පොලිසියෙන් තහංචියක් සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝදය අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත. 02 November 2022
තිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. 01 November 2022
කුකුලේ ගඟ හිටි හැටියේ ඇරෙයි කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද (01) උදෑසන හදිසියේ අනපේක්ෂිත ලෙස විවෘත විමෙන් තත්පරයට ඝන මීටර 300 ක ජල ධාරිතාවක් කුඩා ගඟට එකතුවීම නිසා පහත් බිම්වල සහ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටින්නැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා කීය. 01 November 2022
විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය. 31 October 2022
‘‘රට වැසියන්ගේ හෘද සාක්ෂිය මැරිලා‘‘ ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 30 October 2022
අට වැනි දා ආණ්ඩුව වට්ටයිද? ලබන දෙසැම්බර් මස 8 වෙනිදා අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 29 October 2022
බුද්ධි අංශත් ද්විත්ව පුරවැසි මැති ඇමැති පසුපස ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. 29 October 2022
ඩයනා ගමගේ අධිකරණයට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බි්රතාන්ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය. 27 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026