
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9 ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහා යොමු කර ඇති අතර , ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 11ක රත්තරන් ජෙල් රේගුවේ දී මාට්ටු
Chandrasena Thursday, 16 November 2023 02:56 PM
ඕවා ඇල්ලුවාට වැඩක් නෑ... වුණාට දෙනවා ඕවා පස්සේ...!
r w jayawardana Thursday, 16 November 2023 03:15 PM
කුඩු රත්තරන් වෙලා
Rata Perata Thursday, 16 November 2023 03:36 PM
හොඳයි .මේ කුඩු කාරයා සැඟවුන අමුත්තෙක් හැටියට තියාගන්න .ආයෙත් කුඩු ගේන්න ලේසි නෑ එයාට .ඒ වගේම මේ කුඩු ටික අතුරුදන් කරන්න .එතකොට ටිකක් අඩු ගානට කුඩු ගන්න පුළුවන් වෙයි