IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පහක් ශිෂ්‍යත්වයෙන් කප් ගහති

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු වන ලකුණු 198 බැගින් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට  සිසුන් පස් දෙනෙක් සමත් වූහ.

ගම්පහ සුමේධයේ ශෙනුල් අක්මීමන, අනුරාධපුර සාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ ගම්පලගේ නවංග හංස රාජ් ෆොන්සේකා, ගම්පහ ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ,බණ්ඩාරගම  අලුබෝමුල්ල මහ බෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා සහ බදුල්ල විහාරමහදේවි බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.එම්. දුලනි සංදිනි එම සිසු සිසුවියෝය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව 200ක් වන අතර ඉන් ලකුණු 198ක් හිමිකර ගැනීම එම සිසුන් පස් දෙනාගේ විශාල ජයග්‍රහණයක් බව ද ගුරුවරු සහ විදුහල්පතිවරු පවසති.

තමන් ශිෂ්‍යත්ව විභාගයට පහසුවෙන් මුහුණදුන් අතර ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි බවට විශ්වාසයෙන් පසු වූ බව ජයග්‍රාහී සිසුහු පැවැසූහ.

අධ්‍යාපනයෙන් ඉහළට ගොස් රටට සේවයක් කිරීම තමන්ගේ අරමුණ බව ඔවුහු ලංකාදීපයට පැවැසූහය.

(රංජන් කස්තුරි, තිලකරත්න දිසානායක, බී.ජි.චතුරංග, බිමල් ශ්‍යාමන් ජයසිංහ,සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්

---------------------------------------

2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

 



අදහස් (16)

පහක් ශිෂ්‍යත්වයෙන් කප් ගහති

ජේ ආර් ජයවර්ධන Friday, 17 November 2023 09:35 AM

අධ්‍යාපන ය ට වෙන් කරන මුදල් තව වැඩි කරලා පහසුකම් තියෙන පාසල් හැදුවා නම් ලමයින්ට තමන්ගේ ලමා කාලය තව සතුටින් ගත කරන්න තිබුනා

:       2       38

piyantha wijeratne Friday, 17 November 2023 10:16 AM

මෙච්චර ඉක්මනට . නියමයි

:       1       12

වෙලේවත්තගේ සෙයාරා ඔසිදි ධර්මප්‍රිය Friday, 17 November 2023 03:05 PM

සතුටුයි...!

:       0       15

වෙලේවත්තගේ සෙයාරා ඔසිදි ධර්මප්‍රිය Friday, 17 November 2023 03:09 PM

2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵලය ඉක්මනින් එවන්න. ස්තූතියි!

:       1       4

Lakmal Friday, 17 November 2023 05:34 PM

දුර පළාත්වල දරුවන්ව දෙමව්පියන්ගෙන් වෙන්කරලා කොළඹ එවන්න එපා. බොහෝ දක්ෂ දරුවන් ඒ හින්දා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා...

:       2       21

චින්තක Saturday, 18 November 2023 07:43 AM

ලක්මාල් එහෙම කියන්න එපා... එහෙම දක්ෂ දරුවෝ ගමේම හිටියාම කැලේ පිපෙන මල් කැලේට පරවෙලා යනවා වගේමයි. නැත්නම් ගැඹුරු ළිඳේ ඉන්නා ගෙම්බෝ වගේමයි... කිසිම අත්දැකීමක් ලබන්නේ නැහැ. විවිධත්වයක් නැතුව ගමේ හැටියට හැදෙනවා මම හිතන්නේ පාසලේ හෝ නේවාසික වෙලා ලබන ඉගෙනුම වඩාත් හොඳයි කියලා... ලක්මාල්, බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් ගමේ පාසලේම ඉගෙනුම ලබා ගමේම කාර්‍යාලයේ වැඩ කරන කෙනෙකුට වඩා විවිධ තැන්වල සේවය කර පැමිණි කෙනෙක් හොඳින්ම රාජකාරි කරනවා නේද කියලා... ඒත් ඒක දේශපාලුවෝ තේරුම් ගන්නේ නැහැ වගේ ගමේ පාසල හොඳම පාසලයි කියලා කියන්නේ දරුවන්ට අනාගතය අසාර්ථක වෙන්න හේතුවක් කියලා මම නම් හිතනවා. ඔබ බෞද්ධ අයෙක් නම් විමසුම් නුවණින් යුතුව කුමාර කාෂ්‍යප කතාව කියවන්න...

:       2       3

LakmalSaturday, 18 November 2023 12:51 PM

කොළඹ ජනප්‍රිය පාසල්වල නම හැදෙන්නේ ශිෂ්‍යත්වයෙන් යන ගම්වල දක්ෂ දරුවන් හින්දා මිසක් ඉස්කෝලවල විශේෂත්වයක් නිසා නෙමෙයි. දරුවන් එම පළාතේ හොඳම පාසලට ගියත් ඉතිරි විභාග සමත්වෙනවා. ඒ වයසේදී නේවාසිකාගාරවල නැවැත්වීම අනුමත කරන්න බෑ. විශේෂයෙන්ම පවතින විෂම සමාජය නිසා. මොන පාසලට ගියත් ඉංග්‍රීසි විෂයට විශේෂ අවධානය දෙන්න වෙනවා. පාසල් පෙළපොත්වල ඉංග්‍රීසි සිලබස් එකෙන් ළමයින්ට ඒ භාෂාව එපා වෙනවා.

:       0       5

ගමේ එකාලා Friday, 17 November 2023 06:27 PM

ගම්වල දක්ෂ දුවලා පුතාලා ඉන්න බව මේ ප්‍රතිඵල වලින් ඔප්පු වුණා...

:       0       16

LakmalSaturday, 18 November 2023 08:41 AM

දක්ෂයෝ ඉන්නේ ගම්වල තමයි....!

:       3       3

Nimal Friday, 17 November 2023 07:25 PM

නියමයි..., ජයෙන් ජයම වේවා...!

:       0       2

ඉනායතුල්ලා Friday, 17 November 2023 09:30 PM

මේ දරුවන්ට අපේ සුබ පැතුම්...!

:       0       2

Perera Saturday, 18 November 2023 04:41 AM

198 ගත්තු කීප දෙනෙක් ඉන්නේ විභාගයේ තත්වය බාල වෙලාද? නැතිනම් අතිදක්ෂයින්ද?

:       0       2

LGP. JATHUNARACHCHI. Saturday, 18 November 2023 06:20 AM

දූපුතුන් සියලු දෙනාටම හොඳ අනාගතයක්...!

:       0       1

S.m.A tenith tushan subasinha Saturday, 18 November 2023 06:41 AM

රටේ සම්පත්...

:       0       0

Subasingha morawaka arachchilage sampath chaminda Saturday, 18 November 2023 06:42 AM

උත්සාහ කරන්න.

:       0       0

chandana Saturday, 18 November 2023 08:30 AM

ගම්වල දක්ෂයන් ඉන්න බව මනින්න තියෙන හොඳම මිම්ම තමයි ශිෂ්‍යත්ව විභාගය.. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කවදාවත් අහෝසි කරන්න එපා...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site