(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න.)

ආර්ථිකය ක්‍රමානුකූලව යහපත් අතට පත්වෙමින් තිබෙන හෙයින් ජනතාවට ඉදිරියේදීත් වැඩි පහසුකම් සැපයීමට ඇප කැප වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ 2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමිනි.

රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතින බව පැවසූ ජනාධිපතිවරයා රටේ උද්ධමනය අඩුකරගෙන ඇතැයිද සඳහන් කළේය.

 

----------------------------------------

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඇරැඹීය.

----------------------------------------

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි.

ඊට අමතරම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සැණින් අතුරු අයවැයක් ද ඉදිරිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දහවල් 12 ට අයවැය ඉදිරිපත් කරයි.