IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අල්ලසකට පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

 

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා ඇතුළු  දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  නිලධාරීන් කණ්ඩායමක්  විසින්  ඔහුගේ කාර්යාලයේදී අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මධ්‍යම පරිසර අධිකාරියේ   ව්‍යාපෘතියක්   වෙනුවෙන් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙක්ද සිටී.

මෙම අල්ලස් ඉල්ලීම පිළිබඳව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට  තොරතුරක්   ලැබී ඇත. ඒ අනුව  අමාත්‍යවරයා  සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමට යොමු කළේය.

මේ පැමිණිල්ල   අනුව ක්‍රියාත්මක වූ  අල්ලස් කොමිසමේ නිලධාරීහු කණ්ඩායමක් එම කාර්යාලයට ගොස්  විශේෂ උපක්‍රම අනුගමනය කරමින්  සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන්  හෙට (11)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් කොමිෂන්  සභා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ රජයේ ඉහළම නිලධාරියා මොහුය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව  වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (4)

අල්ලසකට පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට

ජයරත්න Friday, 10 November 2023 08:15 PM

වැටත් නියරත් ගොයම් කානම්?

:       0       0

සමන්ත Friday, 10 November 2023 08:41 PM

හිඟා කෑවා නම් ඊට වඩා හොදයි යකූ...!

:       0       0

Perera Saturday, 11 November 2023 12:14 AM

ඔහොම ඇල්ලුවට අන්තිමට නඩුවෙදී සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස්...

:       1       14

නිමල් Saturday, 11 November 2023 05:40 AM

රනිල් ගෙනා අයෙක් කියා තමයි ඉංග්‍රීසි පුවත්පතක සඳහන්...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site