
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව අද (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
මෙම තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.
මෙම තහනම අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරියේදී කොන්දේසි පැනවෙනු ඇත.
-----------------------
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් යෙදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරන්න ක්‍රිකට් ගැහුවද පහුගිය කාලේ..?
නියමයි...!
කාලෙකින් අහහු හොඳම නිව්ස් එක...!
තහනම් කරන එක හොඳයි. එතකොට අපිට දුකක් නැතුව නිදාගන්න පුළුවන්...!
ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජිකත්වය තහනම් කෙරේ...!
ගොඩක් ස්තුතියි...!
කාලෝචිත මෙන්ම ඉතාම සුදුසු තීරණයක්....ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ජාත්යන්තරයටත් පෙන්වන්න ගියාම ඔහොම වෙනවා... නීතියක්, රීතියක්, සදාචාරයක් නොමැති ලංකාව වගේ ලෝකෙත් ඒ හා සමානයි කියලානේ සමහරක් අම්බරුවෝ හිතාගෙන ඉන්නේ... කොතැනක හෝ යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම්, ඒ සඳහා ගත හැකි නිසි ක්‍රියාමාර්ග තියනවා...නමුත් ලංකාවේ අශිෂ්ඨයින්ට ඒ කිසිවක් අදාළ නැහැ. මුදල් ඉදිරියේ වියරු වැටිලා කාගේ හෝ බෙල්ල මිරිකලා මුදල් හොරකම් කරන්නයි ඔය කොයි කාගේත් අරමුණ..ඇමති තුමා. ලජ්ජා නැතිව, හරිම ෂෝක් පුද්ගලයෙකුටනේ හොරපාරෙන් සභාපතිකම දුන්නේ... මම නම් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව, මේ රටේ අමනයින්ට සුදුසු නැහැ කියලයි... මතකනේ පහුගිය කාලේ, සංගක්කාරගේ බිරිද හා භානුක රාජපක්ෂගේ යම් ප්‍රකාශ අල්ලාගෙන උඩ පැනගෙන දඟලපු හැටි.... තරග වලදී ලජ්ජා සහගත පරාජයක් වගේම තහනමකුත් ලැබුනා... ඔන්න ඕකට තමයි කියන්නේ "විශ්ව ධර්මය යේ ශාපය" කියලා..
අනේ වාසනාවන්. නහයට උඩින් අඩි100 යක් යට ඉන්න අපිට SLC එකටයි ICC එකටයි ඕන මගුලක් වුණාට කිසිම හේතුවක් නෑ.. දුක්වෙන්න අපේ ගෙදර ඕනෑතරම් ප්‍රශ්න තියනවා අපිට විසඳාගන්න. ක්‍රිකට් කාපු ක්‍රීඩකයෝයි SLC අයයි සුරසැප විඳිනවා. අහිංසක ජනතාව උපන් නූපන් අසරණ දරුවෝ මේ කරදිය වළල්ලෙන් පැනගන්න වලි කනවා... ක්‍රිකට් කන්නද?
මොවුන්ව එළවන්න එන්න පෙරට ශ්‍රී ලංකා ශම්මිගේ මගුල එළවන්න ගෙවල් වලට යන්න පෙළගැසෙමු කියලා මම කියනවා.
පරිපාලන දුර්වලකම් තරග පරාජයට හේතුවක්. නමුත් මේ ටික කරගන්නට හරිම හදිසියක් තිබුණේ. කොහොමත් තරග පරදින තෙක් බලාසිටින හරිජනයෝත් සිටිති. තමුන්ට ක්‍රිකට් පාලනය කෙසේ හෝ ගැනීමට අද ඊයේ නොව සෑහෙන කාලයක සිට මාන බලමින් සිටින අය ද ක්‍රීඩාවෙන් ඈත් නොවන්නේ නම් ක්‍රීඩාව නැත්තටම නැතිවේවි...!
ජෙප්පන්ට අවශ්‍ය වෙලා තිබුණේ... ක්‍රිකට් කොහොම හරි ICC එකෙන් තහනම් කරවා ගන්නයි.
ලොකු දෙයක්... ලංකාවේ දූෂණය වැළැක්වීම සිහිනයක්... කවදාවත් නැවැත්විය නොහැක... ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහටම නවතා දමා සල්ලි නැති තැනක් වූ දාට නැවත ක්‍රිකට් පෙරට එනවා ශුවර්... බොහොම පින් ඕක තහනම් කළාට... අපේ ලේ කෝප නොකර...
හොරකං වළක්වන්න පියවර ගැනීමත් එක විදියකට අපරාධයක් වගේ නේද දැන් ලෝකයේ තිබෙන තත්වය අනුව... ක්‍රිකට් වනාහි දැන් සූදුවක් පමණි. එය පාතාලයින්ගේ හා මජර මිනිසුන්ගේ අත කොලුවකි... දැන් කළයුත්තේ ඔය දැන් ඉන්න සාමාජිකයන්ගේ සියලු වත්කම් ගිණුම්, සියල්ල පරීක්ෂා කරමින් ඔවුන් සතු අයථා සියලු මුදල් රාජසන්තක කොට ජීවිතාන්නය දක්වා හිරේ දමන්න ඕනෑ... නැත්තං මිනිස්සු යමු පාරට ආයෙත්...!
රනිලුයි, ගෝලයොයි එකතුවෙලා ක්‍රිකට් සල්ලිවලට විදින්න ගිහින් කෙළවාගත්තා නේද? පිස්සු කරලා රටේ ආර්ථිකේ වැට්ටුවා මදිවට දැනි ක්‍රිකට් ක්‍රීඩාවටත් වැඩේ දුන්නා....
දැන් පේනවා නේද පිනාගේ දූරදර්ශී පාලනය නිසා ලැබුණු තෑග්ග? මීළඟ ඡන්දෙදී මෙයාවම පත්කර ගනිමු. නැතිනම් අපට මේ වගේ දූරදර්ශී පාලකයෙකුයි, ගෝලයින් ටිකකුයි අහිමි වෙනවා.
රට අරාජික බව හඟවන්න තවත් එක් සංකේතයක්...
නියමයි. දැන් සල්ලි එන්නේ නෑනේ. ශ්‍රී ලාංකීය ක්‍රිකට් අයිති ලංකාවට. කරුණාකර ICC පැත්තකට දාලා ක්‍රිකට් සුද්ධ කරන්න. මේ විදියට ගහන ක්‍රිකට් අපිට කොහොමත් එපා...!
ඔව් ඉතින් දිගින් දිගටම පරාජයට පත්වෙන කොට ජයග්‍රාහී කණ්ඩායම් වල අයට දුර්වලයෝ එක්ක සෙල්ලම් කරන්න ලැජ්ජා නැතිවෙන්න බැහැනේ...!
හිත හොඳයි, කට්ටියට පඩි අවුරුද්දකට නැවැත්තුවාම ඔක්කොම හරියයි.
අවුලක් නැහැ... ගැහුවා කියලා ඵලයකුත් නැහැ නේ... ඒ අතරතුරේ හරි යටිමඩි ගහන දූෂිත නිලධාරීන් පලවා හරිමු...
අයි.සී.සී එකට ඕන විදිහට ලංකාවේ ක්‍රිකට් නටවන්න දෙන්න බැහැ, ලංකාවේ ක්‍රිකට් තියෙන්න ඕනා ලංකාවට ඕන විදිහට, අයි.සී.සී එකේ ඉන්න බලවත් යයි කියා ගන්නා රටවල් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවල් ලංකාවේ ක්‍රිකට් ඔවුන්ට තර්ජනයක් වෙනවාට කැමති නැහැ. ඒ වෙනුවෙන් තමන්ට ඩීල් දාන්න පුළුවන් හා ගැතිකම් කරන අය ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්කර ගෙන ඔවුන්ට ඕනෑ විදිහට ලංකාවේ ක්‍රිකට් නටවන්නවයි, වට්ටවන්නයි උත්සාහ කරන්නේ ඒකට බයවෙලා යටවෙලා අයි.සී. සී හොර ගුහාව අස්සේ ඉන්නවාට වැඩිය හොඳයි එළියට බැහැලා ඉන්නවා...
අවුලක් නෑ බන්. මොකෝ මැච් ගැහුව කියලා මොවුන්දිනන එකක්‍ද? අනිත් එක icc එකටත් බෑ රටේ ජන මතයට උඩින් යන්න. වහාම කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඕක නවත්තන එක...
ICC ත් ගොනාට අන්දවලා අපේ පාතාල ක්‍රිකට් ලොක්කෝ...!
කොහොමද ෂම්මිලට තියෙන බලේ.. මෙහෙම රටක් කරන්න බැරි බව පේනවද? ලංකාව දියුණු කරන්න බැරි ඕක නිසයි. ජෙප්පොත් මග අරිනවා. ලංකාව කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නොවෙයි. අපි පව්.. අපේ දරුවෝ පව්...!
ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්, විනෝදාස්වාදයක් මිසක් ජනතාවගේ ජීවිතය නොව.... රටේ ජනතාව කන්න බොන්න නැතිව, ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා... ජීවිත පවා අහිමි වෙලා තියෙනවා. මේවා යට ගහන්න රජයට සහ සමහර බයි කල්ලියකට අවශ්‍යයි...!
ලෝකය පුරාගිහින් පරදිනවට වඩා හොඳ නැද්ද ගෙදරට වෙලා දරු පවුල එක්ක ඉන්න එක...
කිසිම වග විභාගයකින් තොරව මෙවැනි තීරණ ගන්න ICC එකේ ක්‍රියා කලාපය ගැනත් සැක හිතෙනවා. ICC එකත්හොරුත් සමග වාසේ කියලා තමයි කියන්න වෙන්නේ...