
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
කෙසේ වෙතත් බැංකුවේ කළමනාකාරවරයා පාර්ලිමේන්තුවේ මෙම විවාදය තිබෙන හෙයින් මුදල් නිදහස් කිරීමට ඉහළින් උපදෙස් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකෙ පුද්ගලයකු අද රටේ නෑ. තවත් කල් මැරීම තුළ වෙන්නේ මොකක්ද. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ.
පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ඔබතුමා දැන් මේ නඩුවට ඇතුළු වෙන්න ඕන. ඒ අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න ඔබතුමා මැදිහත් වෙන්න ඕන. මම ඔබතුමාට ඒක ඊයේ කිවුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
මේක බලු වැඩක්. මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා. දැන් ජනාධිපතිතුමාට දුරකතන පණිවුඩයක් දීලා මේක කියන්න ඕන.
රොෂාන් රණසිංහ මහතා;
අද ලේකම් නැහැ. ඩොලර් මිලියන දෙකක් ගන්න අනුමැතිය ගැනීම ප්‍රශ්නයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙ ගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ ,පර්ලිමෙන්තුව තියෙන්නෙ රටෙ තියෙන වැදගත් ප්‍රශ්න කතා කරන්න නේද මෙ මිනිස්සු හැමදාම කිසි වැඩක් නැති වල් පල් කතා කරල කාලය කාල යනව.
මේවත් වැඩක් ඇති දේවල් තමයි. මෙතනත් හොර ගුහාවක්. මෙතනින් හෝ පටන් ගමු. රොෂාන් ඇමතිතුමාට ඒකට ශක්තිය තියෙනවා. හැමෝගෙම සහයෝගය ලැබෙනවා හොරුන්ගේ හැර.
මෙයා ඇමැති කෙනෙක් හැටියට popularity බැහැගෙන එනකොට ලකුණු දා ගන්න කරපු විගඩම අතේ පත්තු වෙනවා ඉක්මනටම...!
රටේ ජනතාව රොෂාන් සමග සිටිනවා...!
ක්‍රිකට් මාෆියාව ගැන කතාකිරීම වැදගත් නැතිවෙන්නේ කොහොමද?
ක්‍රිකට්වලට වගේ පක්ෂ විපක්ෂ කට්ටිය මේ එයාලාම ඇදවට්ටපු රට ගොඩ ගන්නත් එකතු වුණා නම්..!
හොර රැලක් එකට එකතු වී, හොරකම වළක්වනවා වෙනුවට, ඒ හොරකම තමන්ගේ තමන්ගේ කරගන්න දරන මේ උනන්දුව හා උත්සාහය ගැන කාට හෝ සැකයක් නැද්ද..? එහෙම නැත්නම්, හොර කල්ලි නායකයින්ට නිසි පරිදි අනෙක් හොරුවිසින් නියමිත කප්පන් මුදල ගෙවා නැතිද..? එහෙමත් නැත්නම්, හොරු විසින්ම හොරකමට විරුද්ධව හඬනගා තමන් සුදනන් ලෙස ලොවට පෙන්වා සමස්ත හොරුන්ට විරුද්ධව හඬ නගන සැබෑ හඬවල් නිහඬ කිරීමේ උපක්‍රමයක් වෙන්නත් බැරිද...? මාර කඩි කුලප්පුවක්නේ මේ එකපාරටම හැදුනේ...? මොනවා වුණත් කාලෙකට පස්සේ බැලුව සුපිරි ටෙලිඩ්‍රාමා එකක් නේද..? මොනවා වුනත් "හොර වීරයෝ" ගැන මාර ගැම්මක් ඇඟට දැනෙනවා. ඔහොම ජහ්!!!
ඔයාලයි ඔයාලගේ ලොක්කයි නිසා අපි පෝලිමේ ලැගපුවා අමතක නෑ. ආපහු කෙලවන්නේ නැතුව ඉන්නවාද? ඔයා කරපුවත් මතකයි අපිට... හැංගිලා හිටපු ඔයා එළියට බැස්සෙත් ඔය ජනාධිපති නිසයි...!
දැන් රාජපක්ෂලාගේ හොරකම්, පැන්ඩෝරා පේපර්ස් හැමෝටම අමතකයි. තව ටික කලක් යනකොට ක්‍රිකට් වංචාවත් හැමෝටම අමතකයි...
අලි ගහලා මිනිස්සු මැරෙනවා... අලි මැරෙනවා, දැරියන් දූෂණය වෙනවා, රිය අනතුරු වලින් දවසකට 10ක් විතර පාරෙ මැරෙනවා. සත්තුන්ගෙන් වගා පාලු වෙනවා. ඒවා විසඳන්න විවාද නෑ. මොවුන්ට තියන ලොකුම ප්‍රශ්නේ ක්‍රිකට්...
කවුරු මොන දේවල් කියෙව්වත් මේ මොහොතේ රටේ බලවත්ම පුද්ගලයා සාගල රත්නායකයි.ඔහුට අවශ්‍ය විදියට තමයි රටේ තීන්දු තීරණ ගන්නෙ.ඉතින් දකුණේ යක්ඛ පුත්තුන්ට පුළුවන් ආඩම්බර වෙන්න..ඔහුත් දකුණේ පුද්ගකෙයක් කියා උදම් අනන්න.
ක්‍රිකට් ලොක්කෝ උස්සන්න යන ඩොලර් මිලියන දෙක අනිවාර්යයෙන් ම ගන්න ඕන ඒ වගේම මැදමුලනෙන් උස්සපු ඩොලර් බිලියන 18 කවදාද ගන්නේ
බුදුන් වහන්සේගේ කාලයේ කෝසල නම් රජතුමා සිහින 16ක් දැකලා කලබල වි උන් වහන්සේගේ හමුවී ඒවා විග්‍රහ කර ගත් කතාව ඔබ දන්නවාද? ඉන් පළමු සිහිනය ලෙස රජ දැක ඇත්තේ හතර දෙසින් මහා ගෝෂා නගමින් ඇස් ඔරවමින් පිඹිමින් වලිග ඔසවමින් දුහුවිලි නගමින් මහා සටනකට සැරසෙන විලාශයෙන් එක තැනක් කරා වේගයෙන් දිව එන කුළු සරක් 4 දෙනෙකි. මොහොතකින් මහා සටනක් සිදුවෙනු ඇතැයි බලා සිටි රජුට මහා සටනක් කෙසේවෙතත් අවසානයේ එකිනෙකාට සමීප වූ පසු ඔවුන් එකිනෙකාගේ හෝම්බවල් ලෙවකාගෙන හෙමිහිට ආපසු හැරී කිසිවක් නොවුනා සෙ පසුබැස ගිය බව පෙනිණි. බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව එය අනාගතයේ පාලකයන් විසින් බලයට පැමිණීමට පෙර ජනයා මුලා කිරීමට තමන් එතෙක් පවතින හොර වංචා වලට එරෙහිව කටයුතු කරන බවට මුලින් මහා ඝෝෂා පවත්වා ජනයා මුලා කොට බලයට පැමිණි පසු කිසිවක් සිදු නොවුනා සේ සිටිමින් තමන්ද එකී හොර දුෂණ වංචා කරමින් සමහර විට කලින් සිටි හොරුත් සමග එකට හවුලේ හොරකම් දිගටම කරගෙන යන බවයි. ඔබට පෙනුනේ නැද්ද ඔය දියවන්නාවට ගිහින් බලයට පත් වූ හැමෝම හැමදාම අපිට කලේ ඕක නේද? මෙතැනත් ඕකම වෙන්නේ නැද්ද කියලා ඔන්න බලන් ඉන්නකෝ, මම අද කිව්වයි කියලා හිතා ගන්න.