
ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ.
සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටීම් එකත් විසුරැවා හැරලා ජවිපෙ සාමාජිකයන් ගෙන් ඒ අඩුව පුරවපු දාට තමයි අපි හිිටු කියල දිනන්නෙ.
වැඩේනම් හොඳයි... ඒත් ධර්මදාසලාගෙන් තොර ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් නැද්ද?
ලොකු දෙයක්, අනේ ඇමැතිතුමෝ කොහොම හරි කමක් නැහැ හොඳ දෙයක් කරන්න. පීඩිත අපිට මදකට හරි සැනසීමක් තියෙන්නේ මැච් එකක් දිනනවා බලලා සතුටු වෙන එක විතරයි.
අර්ජුන මහතා පත්වීම ගැන නම් සතුටුයි...!
ඉතින් ඔය උපාලි ධර්මදාස ඉන්නේ ඔක්කෝටම හරියන්න.
ඒකනේ.... ධර්මදාසලයි රණතුංගලායි ඇරුණාම අනිත් අය ක්‍රිකට් ගහන්න දන් නැද්ද දන්නෑ...?
තවත් හොරු සෙට් එකක්...!
ජයන්ත ධර්මදාසයි, උපාලි ධර්මදාසයි කියන්නේ දෙන්නෙක් කියලා නොදන්නා අයත් ඉන්නවා එහෙනම්...!
මේ වැඩෙන් වෙන්නේ අපේ රටේ ක්‍රිකට් අන්තර්ජාතිකව තහනමකට ලක් වීමයි. ICC එක කිහිප වතාවක්ම අනතුරු ඇඟවීම් දුන්නා දේශපාලනික අතපෙවීම් නිසා... Sri Lanka Cricket කියන්නේ ස්වාධීන ආයතනයක්... ඒක විසුරුවන්න ඇමැතිට බලයක් නෑ... ඒ ආයතනයේ වංචා, දූෂණ සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් CID එකට පැමිණිල්ලක් කරන්න පුළුවන්...
අතුරු මිතුරු කමිටු... ඊට පස්සේ වෙනදේ කවුරුවත් දන්නේ නැහැ... උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරයේ කෝ වාර්තාවන්?
ක්‍රිකට් ගහන්න දන්නේ නැති මහාධිකරණ විනිසුරුවරු මොකටද? ක්‍රිකට් ගහපු සංගා මහේල මුරලි වගේ අය දාන්න එපැයි ක්‍රිකට් ගොඩදාන්න ඕනෑ නම්
මේ ධර්මදාස මොකට ගත්තාද?
මාර ස්වාධින, අතුරු කමිටුවක්නේ. මේ කමිටුවේ ඉන්න අයගෙන් 75%ක්ම ආණ්ඩුවලට කඩේ ගිය, අතටම අහුවුණු අල්ලස් ඉල්ලපු ඇමැතියාව නිදොස්කොට නිදහස්කළ අය, ක්‍රිකට්වල මුල් බැසපු අය... තව එකක් ධර්මදාසලා නැතිව ක්‍රිකට් ගහන්න බැරිද?
විජේදාසගේ පුතත් ඉන්නවා කියන්නේ බඩුම තමයි. හරක් කටා, ඇවන්ගාර්ඩ් ඔක්කෝම පස්සේ හිටියා ඇමති පුතා...
හැබැයි අර්ජුන තුමෝ තමන්ගේ සහෝදරයා වුණත්අර ප්‍රසන්න රණතුන්ගවනම් ගාවගන්න එපා මොන දේකටවත්. මිනිහා අත දාන්න ගත්තොත් තවත් කුඥ්ඥ ගොඩක් තමයි වෙන්නේ...
අසෝක කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රිකට් ගහපු ළමයින්ට පිත්‍තෙන් ගහලා, ඔලු කණ් අඩි පලපු අය නේද?