
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කිරීමේ දෙවැනි ඡන්දයේ දී පක්ෂව ඡන්දය දුන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මන්ත්රිනී මොහමඩ් බුහාරි ෆාතිමා සොහාරා මහත්මියගේ මන්ත්රී ධූරය අහෝසිවි ඇතැයි කොළඹ මහ නගර සභාවේ තේරීම් භාර නිලධාරී පියුමි ආටිගල ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ සාමාජිකාවක්වන සොහාරා බුහාරි මහත්මියගේ එම පක්ෂ සාමාජිකත්වය අවසන් කර තිබීම නිසා එම සභාවේ ඇයගේ සභික ධූරය ඇය විසින් අතහැර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අයවැය ඡන්දයේ දී පක්ෂය දුන් උපදෙස්වලට පටහැනිව ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් ඇයට විරුද්ධව පක්ෂයේ ලේකම් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්රී නිසාම් කාරියප්පර් විනය ක්රියාමාර්ග ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd