
(නිමල කොඩිතුවක්කු)
රජය අද වන විට මහා සංඝරත්නය ඇතුලු සමාජයේ සියලු ජන කොට්ඨාසවලින් පළිගැනීමක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ස්වාමීන් වහන්සේලාගෙන් පළිගැනීම වහා නතර කර සෙසු ආගම්වල ආගමික නායකයන්ට ද අදාළ ගෞරවය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
දිගින් දිගටම මහා සංඝරත්නයෙන් පළි ගන්නා දුෂ්ඨ ක්‍රියාවලියක් රජය ක්‍රියාත්මක කරමින් රට නිරාගමික රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd