(රන්ජන් කටුගම්පොල)

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා හැටියට පත් කිරීම නිර්දේශ කිරීමට ව්‍යාවස්ථාදායක සභාව ගෙන ඇති තීරණය දෝස සහිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම්වරයා හරහා නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරිණ් පුල්ලේ මහතා මාර්ගයෙනි

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය

මෙම පෙතසම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

එම කරුණු සැලවීමෙන් අනතුරුව පෙතසම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නිතිඥ පිරිසි සැළකිරීම මත අදාළ පෙත්සම් විභාගයේ අවසන් කිරීමට තමන් කැමැත්ත පළකරන බවයි ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරිණි.