( රංජිත් රාජපක්ෂ )             

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා   අද (11) නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ  වතුකම්කරුවන් හමු වී ඔවුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය.

ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබීය.

මෙහිදි  අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානායක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.