(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී ජිප් රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කිරීමට කටයුතු සලස්වමින් රජයට කෝටි ගණනක බදු මුදල් අහිමි කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග එස්. බෝදරගම  අද(12)  නියෝග කළේය.

සැකකාරිය දැඩි අසනීප තත්වයේ පසුවනවන බැවින් සෞඛ්‍ය හේතුන් මත අප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්  නියම කරමින්   විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු  නියෝජ්‍ය  කොමසාරිස් විශාඛා විජේරත්න ඇලපාත සැකකාරිය එසේ ඇප මත මුදා හැරිණි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ රේගුවට හොර රහසේ ආනයනය කර නිසි පරිදි නිස්කාශනය නොකළ  රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් සැප වාහන මෙසේ අනීතිකව ලියාපදිංචි කර ඇති බවය.