සුජිත් හේවාජුලිගේ
කාලගුණ ආපදාවෙන් මාර්ග 287 ක් සහ පාලම් විසි එකක් විනාශයට පත්ව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම මාර්ග සහ පාලම් නවීකරණය සඳහා වැය වෙතැයි ගණන් බලා ඇති මුදල රුපියල් කෝටි 7,532ක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
මේ අනුව විනාශයට පත්ව ඇති මාර්ග කිලෝ මීටර් සංඛ්‍යාව 1,481කි. කාලගුණ ආපදාවෙන් මාර්ග කලාප 572ක්ද විනාශයට පත්ව ඇති බව එම වාර්තා වේ දැක්වේ. විනාශයට පත් මාර්ග පිළිසකර කිරීම සඳහා රුපියල් කෝටි 6,894 කට වැඩි මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
වැඩිම මාර්ග ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත්තේ මධ්‍යම පළාතේය. එම සංඛ්‍යාව හැට අටකි. ඊට පසු වැඩිම මාර්ග සංඛ්‍යාවක් විනාශව ඇත්තේ බස්නාහිර පළාතේය. එම සංඛ්‍යාව හතළිස් දෙකකි.
මෙයට අමතරව සබරගමුව පළාතේ මාර්ග 36ක්ද ඌව පළාතේ මාර්ග 33ක්ද වයඹ පළාතේ මාර්ග 24 ක්ද උතුරු මැද පළාතේ මාර්ග 22ක්ද උතුරු පළාතේ මාර්ග 21ක්ද නැගෙනහිර පළාතේ මාර්ග 14ක් ද දකුණු පළාතේ මාර්ග තුනක් ද විනාශයට පත්ව ඇත.
මාර්ගවලින් වැඩිම කිලෝමීටර් ප්‍රමාණයක් එනම් කිලෝමීටර් 723ක් විනාශයට පත්ව ඇත්තේ මධ්‍යම පළාතේය. එම මාර්ග සකස් කිරීමට රුපියල් කෝටි 5,193කට වැඩි මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
විනාශයට පත් වූ පාලම් නවීකරණය සඳහා රුපියල් කෝටි 638කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව එම වාර්තාවේ දැක්වේ.
වැඩිම පාලම් සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇත්තේ මධ්‍යම පළාතේය. විනාශයට පත් පාලම් සංඛ්‍යාව දහයකි. වැඩිම විනාශයක් සිදුව ඇත්තේ වයඹ පළාතේ, නයින මඩම ඉරණවිල හලාවත මාර්ගයේ පිහිටා ඇති 27/1 පාලමටයි. එම පාලම ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 120ක් වැය කිරීමට අපේක්ෂිතය. පාලම සකස් කිරීමට ගතවන කාලය වසර දෙකකි.
ඊට පසුව වැඩිම හානිය සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මොරගහකන්ද, වෙලේවෙල මාර්ගයේ 1/1 පාලමටය. එම පාලම සකස් කිරීම සඳහා රුපියල් කෝටි 90ක් ඇස්තමේන්තු කර ඇත. පාලම සකස් කිරීම සඳහා මාස 18ක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd