නිරෝෂණ බණ්ඩාර
විදුලි බල සංශෝධන, පනතේ සඳහන් දිනයට පෙර ගැසට් කළ හොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බව විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි.
මේ සඳහා මණ්ඩලයට අයත් වෘත්තීය සමිති 24 ක් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව දන්වා ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදය කුමාර “ඉරිදා ලංකාදීපය”ට පැවසීය.
විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණයේ දී මණ්ඩලයෙහි වත්කම් හා මානව සම්පත ආරක්ෂා කිරීම වැනි කරුණු පසෙකලා අමාත්‍යවරයා දැඩි තීන්දුවක් ගතහොත් අකැමැත්තෙන් වුවද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඔහු අනතුරු ඇඟවීය.
මේ නිසා වෘත්තීය සමිති සමග එකඟ වූ කරුණු වහාම ඉටුකරන ලෙස ඔහු අවධාරණය කර සිටියි.
විදුලි බලමණ්ඩලය සමාගම් හයකට බෙදා ක්‍රියාත්මක කිරීමට යන බවත් එවැනි තත්ත්වයක දී දිට්වා වැනි සුළිකුණාටුවක් නැවතත් ඇති වුවහොත් විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බාධා පැමිණීම අනිවාර්‌යයෙන්ම සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd