සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
වැරදි චෝදනා කරන විට නීතිපතිවරයා ස්වාධීනව වැඩ කරන්නේ කෙසේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.
රජය පොලිස් රාජ්‍යයකට යෑමට උත්සාහ දැරීම හොඳ නැති බවත් හැම විටම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය. නීතිපතිවරයා සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් තිබේ නම් නියමිත ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ද කීය.
“නීතිපතිවරයාට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවකාශ සලසා දී තිබෙනවාද? දේශපාලන බලපෑමෙන් තොරව කටයුතු කිරීමට අවකාශ ලබා දී තිබෙනවාද? ඔබතුමාලා පොලිස් රාජ්‍යයකට යන එක හොඳ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. නීතිපතිවරයාට අනිසි බලපෑමෙන් තොරව ස්වාධීනව කටයුතු කරන්න අවකාශ සලසා දෙන්නැයි කථානායකතුමාගෙන් ඉල්ලනවා. එතුමාට අනිසි චෝදනා එල්ල කිරීම වැළැක්වීමට පියවර ගන්න ඕන. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවශ්‍ය ක්‍රියාදාමය අනුගමනය කරන්න ඕන. නීතිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා රැල්ලක් මතුවෙලා තියෙනවා. ඒ ගැන රජයේ ස්ථාවරය මොකක්ද? සංවිධානාත්මක ප්‍රහාර නැවැත්වීමට රජය ගන්නා පියවර කුමක්ද? භාෂණයේ නිදහසට අපි ගරු කරනවා. වැරදි විදිහට චෝදනා එල්ල කරනකොට නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කරන්න බැරි වෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd