උපුල් වික්‍රමසිංහ
මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද සියයට 20 ක තීරු බදු ප්‍රතිශතය තවදුරටත් පහත හෙළීම සඳහා මේ වෙනවිට සාකච්ඡා සිදු වෙන බව ද කලාපයේ තරගකාරී වෙළෙඳපොළට සාපේක්ෂව එය සියයට 10 ක් හෝ 15 ක් විය හැකිය යන්න රජයේ අපේක්ෂාව බව ද රජයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කරයි.
“දැනට තිබෙන සියයට 20 තීරු බද්ද සමහර තැන්වල සියයට 15 හා තවත් සමහර තැන්වල සියයට 10 දක්වා අඩුකර ගැනීම තමයි අපේ අරමුණ. තරගකාරී අන්දමට තීරු බදු උපරිම අඩුකරගන්න අපි උත්සාහ කරනවා” අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
සාකච්ඡාවලදී කෘෂිකාර්මික භාණ්ඩ සඳහා වන තීරුබදු අඩුකර ගැනීම වෙනුවෙන් විශේෂයෙන් අවධානය යොමු කර ඇති බව පැවසූ සභාපතිවරයා එහිදී පොල් ආශ්‍රිත නිෂ්පාදන, තේ, ආහාර සහ පාන වර්ග ඉදිරියෙන් පසු වන බව ද කීවේ ය.
රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ මුහුදු ආහාර සඳහා වන තීරුබදු අඩුකර ගැනීමට ද සාකච්ඡා පවත්වන බව කී හෙතෙම ඇමෙරිකාවට කරනු ලබන ඇඟලුම් අපනයන තවත් ඉහළ නංවාගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේ ය.
එම සාකච්ඡා මේ වසරේ මුල් මාස කිහිපයේ දී අවසන් කර ගැනීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd