මනෝප්‍රිය ගුණසේකර
ලන්ඩනයේ වුල් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරාධනයකට අනුව එහි ගොස් රජයේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කිරීමට අනුමත කළේ යැයි කියන සිද්ධියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා වූ සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ඉල්ලා මාසයකට අධික කාලයක් ගතවී ඇතත් එම අනුමැතිය තවමත් නොලැබී ඇතැයි වාර්තාවේ.
රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබුවත් මෙතෙක් එම කටයුතු කිරීමට නොහැකි වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
නීතිපතිවරයාගේ පමාව හේතූවෙන් නිතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයන්හි පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දැඩි අපහසුතාවට මුහුණ දෙන බවත් මේ හේතූවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මෙන්ම විමර්ශන නිලධාරීන්ද කලකිරීමට පත්ව ඇති බවත් වාර්තාවේ.
මේ වනවිට කතාබහට ලක්වී සිටින නීතිපති පාරින්ද රණසිංහගේ සේවා කාලය 2027 ජනවාරි මස අවසන් වීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd