සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
මීට අමතරව තවත් ඇමතිවරු කිහිප දෙනෙක්ද පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මනින් පවත්වන බවට ප්‍රකාශ කළහ.
වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාදවී ඇති පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයේ ස්ථිරයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇත.
මේ අතර පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය නිර්දේශ ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය.
එම කමිටුව මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද කැඳවා දීර්ඝව සාකච්ඡා කෙරිණ. කමිටු සාමාජිකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පසුගිය 21 වැනි දිනද පැවැත්විණ.
මේ අතර පළාත් සභා නවයේම ධුර කාලය අවසන් වී වසර දහයක් ඉක්මවා ඇත. මෙම පළාත් සභා සියල්ල දැනට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.
මේ අතර පළාත් සභා මැතිවරණයට පෙර ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙස රජය මැති ඇමතිවරුන්ට මෙන්ම අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව විදුලි බිල වැඩි කිරීමද තවත් මාස කීපයකින් කල් දැමීමට රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd