සුජිත් හේවාජුලිගේ
ඇෙමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම (ඩොලරය ඉහළ යාම) හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම, විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු අගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මීට සාපේක්ෂව උද්ධමනය ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි සඳහන් වේ. ඉන්ධන, ගෑස්, බෙහෙත් වර්ග සහ ආහාර ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය දේ ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ ඩොලර් මගින් වන හෙයින් රුපියල අවප්‍රමාණය වීමේදී මෙරට වෙෙළඳපොළේ එම භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔවුහු සඳහන් කරති.
මේ අතර ඩොලරය ඉහළ යෑම ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතිවුණු ක්ෂණික තත්ත්වයක් නිසා එය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවත් මහ භාණ්ඩාගාරයත් උපක්‍රමශීලීව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේය.
අනවශ්‍ය ආනයනයට යෑමෙන් වැළකී තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙස ඔහු ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරි මාස කිහිපයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ණය දෙන අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු ණය මුදලක් ලැබීමට නියමිත හෙයින් එම මුදල ලැබුණු පසු මෙම පීඩන තත්ත්වය පහව යනු ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි හා ජල බිල්පත් සහ පොදු සේවා මිල ඉහළ යෑමට බලපානු ඇතැයි ප්‍රකාශ කරති.
ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යාමෙන් වාසි සැලසුණද නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික
අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ලාභාංශ සහ නිෂ්පාදන තරගකාරිත්වය බරපතළ අභියෝගයකට ලක්විය හැකි බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd