මනෝප්‍රිය ගුණසේකර
සිය නීත්‍යනුකූල වත්කම් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 4 1/2කට අධික දේපළවල හිමිකරුව සිටින ලදැයි කියන විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම නියම කළේය.
විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සැකකාර අනූෂ පැල්පිට මහතා මඟහැර ඇති බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීම අනුව සැකකරුට ඇප නියම කළ හොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දෙමින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි කැඳවන පෙබරවාරි 06 වැනිදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය. 2015 වසරේදී ලැබුණු පැමිණිල්ලකට අනුව අනුෂ පැල්පිට සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අල්ලස් කොමිසම 2015 වසරේ සිට 2026 වසර දක්වා වසර 10 ක කාලයකදී වරින් වර සැකකාර පැල්පිටගෙන් ප්‍රකාශ මෙන්ම දිවුරුම් ප්‍රකාශද ලබාගෙන ඇති අතර ඇතැම් අවස්ථාවල වත්කම් උපයා ගැනීම්වලට අදාළ ලේඛනද ගෙන්වා ගෙන විමර්ශන කර ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් 2012 මාර්තු 31 වැනිදාත් 2014 මාර්තු 31 වැනිදාත් අතර කාලයේදී ඔහු සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් හෙළිකර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd